මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
අනුන්ගේ ලොරියක් තමන්ගේ බව පෙන්වා රුපියල් ලක්ෂයක් පමණ වටිනා ටයර් ණයට ලබාගෙන ලොරියේ අයිතිකරුගෙන් මුදල් ලබාගෙන ටයර් කඩයට පොල්ලක් තැබූ බව කියන රියැදුරකු පිළිබඳව දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.
ඔහු කලක් තිස්සේ රියැදුරකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. ඔහු වැඩ කරන ලොරිවලට ටයර් ආදිය ලබාගත්තේ ප්‍රදේශයේ වෙළෙඳසලකිනි. එම ගනුදෙනු නිසි පරිදි පියවීම ඔහු සිරිතක් කරගත්තේය. මෙසේ කලක් ගතවිය.
සැන්දෑවක ඔහු ටයර් කඩයට ආවේ හදිසියේමය. ‘අනේ මහත්තයා මම ලොරි කබලක් ගත්තා. පොඩි ෆිනෑන්ස් එකකුත් දාන්න වුණා. ටයර් හතරම ගන්න දෙයක් නැහැ. මට ටයර් හතරක් දාලා දෙන්න. මම සල්ලි ටික ටික ගෙවන්නම්’’ රියැදුරා කඩහිමියා ඉදිරියේ බැගෑපත් වූයේය.
වසර ගණනක් තිස්සේ සිටි ගනුදෙනුකරුවකු කළ ඉල්ලීම අහක දැමිය නොහැකි නිසා ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට කඩ හිමියා කටයුතු කළේ දෙවරක් නොසිතමිනි.
ස්තුතියි කී රියැදුරා පිටව ගියේ යටහත් පහත් බවක් පෙන්වමිනි. කළ උපකාරයට තමන් මහත්සේ ගරු කරන බව ඔහු ඇඟවීය. දින සති ගෙවී මාස දෙක තුනක් ගතවිය. රියැදුරා ආවේ නැත. රියැදුරා සොයන්නට ගියත් කඩ හිමියාට ඔහු හමු වූයේද නැත.
කඩ හිමියාට දිනක් නගරයේදී ටයර් දමාගෙන ගිය ලොරිය දකින්නට ලැබිණි. එහි රියැදුරු අසුනේ වූයේ නාඳුනන්නෙකි. “අපේ ඩ්‍රයිවර් මහත්තයා කෝ...? කලකින් දැක්කේ නැහැ...” කඩ හිමියා නාඳුනන රියැදුරුගෙන් ඇසුවේය. ලොරිය තමන්ගේ බවත් කඩ හිමියා ඇසූ රියැදුරු එහි සේවය නොකරන බවත් නාඳුනන රියැදුරු පැවැසීයෙන් කඩ හිමියා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. “වෙන්න බැහැනේ. එයා මේ ලොරිය ගත්තා කිව්වානේ.... මගෙන්නේ ටයර් දාගෙන ගියෙත්...” ඔහු නාඳුනන්නාට කීය.
“ආ... ඔව්... ඔව් මට අසනීප දවසක එයාට කියලා ටයර් දාලා ගෙන්න ගත්තා... අනේ මහත්තයා ඒ වෙලාවේ කළේ උදව්වක්... වෙන තැන්වලට වඩා අඩුවෙන්නේ අය කරලා තිබුණේ...” නාඳුනන්නා කැබි හෝල් එක ඇර ටයර් මිලදී ගෙන ගිය බිල්පතද පෙන්වා සිටියේය.
තමන්ට ටයර් සඳහා මුදල් නොලැබුණ බව කියද්දී නාඳුනන්නා පැවැසුවේ බිල්පත දුන් වහාම ඔහුට මුදල් දුන් බවයි. කඩ හිමියා රුපියල් ලක්ෂයක පමණ මුදල ලබාගන්නට දවස ගානේ රියැදුරා සොයන්නට ගියත් ඔහු මග හරින්නේ කළ බොරුව හෙළිවූ නිසාය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටයර් හතරක් එක්ක ලොරි රියැදුරා වාෂ්ප වෙලා