IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන

කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත


ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තර කරන්න ගැසූ ආධාර ටිකට් පත්වලින් තම මඩිය තරකර ගන්න අපූරු විජ්ජාවක් දැමූ භාණ්ඩාගාරිකවරයකු පිළිබවඳ අපූරු කතාවක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
මේ පාසල දේශ දේශාන්තරවල ද පතළ එකකි. මේ විදුහලට තේරී පත් වූ ආදි ශිෂ්‍ය නායකයෝ ද සිය විදුහල අනෙක් විදුහල්වලට වඩා සිය විදුහල ඉදිරියට ගෙන යාමට සිය කාලය ශ්‍රමය හා ධනය කැප කළහ.
ඒ නිසාම මේ විදුහල දිනෙන් දිනම දියුණුවට පත් වූයේ එම විදුහල් ආදි ශිෂ්‍ය සංගමයට ද දිවයිනේ ප්‍රසාදය හා කීර්තිය අත්කර දෙමිනි. ඒ නිසාම එදා මේ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට තේරී පත් වූවෝ රටේ නමක් ගත් රටට වැඩක් කළ ආදි සිසුහුය. 


එවන් ආදි ශිෂ්‍ය සංගමයක් තිබූ මේ විදුහලට නැවත වතාවක් එවන් වූ ආදි ශිෂ්‍ය සංගමයක් අලු‍තින් පත් වූවේ මේ ඊයේ පෙරේදාය. මේ පත් වූ ආදි ශිෂ්‍ය සංගමයට සිය සංගමයේ මුදල් දත්ත අනුව රුපියල් මිලියනයකට ආසන්න මුදල් අඩුවක් තිබෙනු දක්නට ලැබිණ. ඔවුහු සිය පළමු රාජකාරිය ලෙස එම මුදල් අඩුව පිළිබඳව සොයා බැලු‍වෝය. එහිදී ඔවුන්ට දැන ගන්නට ලැබී ඇත්තේ තමන්ගේ නිල කාලයේ මේ සංගමයේ භාණ්ඩාගාරිකවරයාගේ ක්‍රියාකාරකම්ය.
 සිය ආදි ශිෂ්‍ය සංගමයට මුදල් පොලු‍ තියා ඇතැයි ලේඛන ගතව තිබූ අයගෙන් අලු‍ත් ආදි ශිෂ්‍ය සංගමය දුරකතන ඇමතුම් ගෙන විමසුවේය.
එහිදී බොහෝ අය පවසා ඇත්තේ භාණ්ඩාගාරිකවරයා තමන්ට අලෙවි කරන්නට ටිකට් පත් ලබාදුන් බවත් තමන් එම විකුණූ සියලු‍ම ටිකට්පත්වල මුදල් භාණ්ඩාගාරිකවරයාට ලබා දුන් බවත්ය.
අලු‍ත් ආදි ශිෂ්‍ය සංගම් නිලධාරීන්ට කාරණය පැහැදිලිය. භාණ්ඩාගාරිකවරයා ටිකට් පත්වලින් කළ විජ්ජාව අනාවරණය විය. එදා පාසලේ හා පාසල ආසන්නයේ ගැවසෙමින් සිටි මේ භාණ්ඩාගාරිකවරයා දැන් පාසල පැත්තේවත් එන්නේ නැතිවාක් මෙන්ම අලු‍ත් ආදි ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් දුටුවාම හැංගෙනුයේ භූමි තෙල් වැටුණු ගැරඬියෙක් මෙන්ලු‍.

 



අදහස් (0)

ටිකට් විජ්ජාවෙන් මාටියා ගසා මඩිය තරකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site