IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ

ජනාධිපතිවරණයේ ජය සැමරීම සඳහා පැවති  උත්සවයක් අවසානයේදී සිදුකළ මධුවිත සාදයකදී මත්පැන් වෙනුවට වෙනත් බීමක් ගත් මැම්බර් මහත්වරුන් දෙදෙනකු සහ තවත් පිරිසක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


ජනපතිවරණය නිමවී දින කිහිපයක් ගතවීමෙන් පසුව ඡන්ද ව්‍යාපාරය සඳහා සහාය දැක්වූ හිතවතුන්ට සහ ගම්වාසීන්ට ස්තුති කිරීමේ උත්සවයක් සංවිධාන කර තිබුණි. සැන්දෑ කාලය එළඹෙන විට උත්සවය නිමවූ අතර රාත්‍රී කාලයේ එම ස්ථානයේ සහ තවත් ස්ථාන කිහිපයක මධුවිත සාද සංවිධානය කර තිබුණි.


මැම්බර් මහත්වරු දෙදෙනාගෙන් අයෙකු උත්සවය පැවති ස්ථානයේ සහ අනෙකා වෙනත් තැනක මිතුරන් සමග පදමට මධුවිත සප්පායම් වීම සිදුකර ඇති අතර  ජ්‍යෙෂ්ඨ මැම්බර් මහතා සිටි  ස්ථානයේ තිබූ මධුවිත අවසන් වීම නිසා සිය ගජමිතුරු මැම්බර් සගයාට දුරකථන ඇමතුමක් දී බෝතලයක් ද රැගෙන එන ලෙස පවසා තිබේ. සිය ජ්‍යෙෂ්ඨයාගේ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සාදය පැවැත්වූ ස්ථානයේ මේසය යට තිබූ බෝතලයක්ද රැගෙන නවක මැම්බර් මහතා  ඉක්මනින්ම සිය  ජ්‍යෙෂ්ඨයා සිටින ස්ථානයට ගියේය. අඩ අඳුරේ පදමට සප්පායම් වී සිටි පිරිසට ලැබුණු බෝතලය දැක සතුටින් ඉපිල ගිය අතර  ජ්‍යෙෂ්ඨ මැම්බර් මහතා බෝතලය  විවෘත කොට අඳුරේම කටේ හලාගත් අතර ගෝලයාද එයට දෙවැනි නොවීය. පිරිසට බෝතලය හිස් කිරීමට විනාඩි පහක්වක් ගත නොවූ බවද පැවසේ.


බෝතලය හිස්කර විනාඩි දහයක් පමණ ගතවන විට එක් අයෙක් දෙදෙනෙක් වමනය කිරීම සහ වැසිකිළි යාම ආරම්භ කර ඇති අතර එය සියලු දෙනා අතර පැතිර යාමට වැඩි කාලයක් නොවීය. සියලුම දෙනා වමනය දැමීම සහ වැසිකිළියාම පිළිබඳව සැක සිතූ එක් අයෙක් සිය ජංගම දුරකථනයේ ආලෝකයෙන් වමනය පරික්ෂාකර ඇති අතර ඒවා දිලිසෙමින් ඝණ ද්‍රව්‍යයක ස්වරූපයෙන් යුක්ත නිසා විමසිලිමත්ව බැලීමේදී කාරණය අවබෝධ වී ඇත. නවක මැම්බර් මහතා හදිසියේ රැගෙන විත් ඇත්තේ උත්සවයේ පහන දැල්වීම සඳහා ගෙනැවිත් තිබූ මේසය යට තිබූ පොල් තෙල් බෝතලය බව පසුව පැහැදිලි වී ඇති අතර  පිරිස සිද්ධිය වසන් කර ගැනීමට විවිධ ප්‍රයත්න දැරුවද පසුදින වන විට සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරීගිය රස කතාවක් බවට පත්වීම වැළැක්විය නොහැකි විය. 
(හක්මන විශේෂ -දෙනගම යසන්ත ආරියසේන)

 



අදහස් (0)

ජයපැන් සාදයේ ‘අමුතු සුදියෙන්’ මැම්බර්ලා වැසිකිළියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site