ලෝකයාට පෙනෙන්නට ජයටම මඟුල් කෑ මනාල යුවළකට තම දරුවා පාසල් යවන දිනය වනවිටත් ඒ වෙනුවෙන් බැංකුවෙන් ලබා ගත් ණය වාරික ගෙවාගත නොහැකිව අසරණ වී සිටින පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි.
මනාලයාගේ මව මංගල්‍යය සුළුවෙන් කරන ලෙසට උපදෙස් දුන්නාය.
එහෙත් පියා ඊට අකමැති වුණේය. ඒ පුතා රාජ්‍ය සේවාවක නියැළෙන නිසාය. මේ නිසා අතේ පිච්චිය නැති පියා බැංකුවකින් ණය ගත්තේය. ඒ කුඹුරුවලින් ලැබෙන අස්වැන්නෙන් ණය වාරික ගෙවීමට හැකිවෙතැයි සිතාගෙනය.
පියා ගත් ණය මුදලින් මංගල්‍යය හෝටලයක ජයටම සිදු කෙරුණි.
මඟුලේ උණුසුම යන්නටත් මත්තෙන් පියා හදිසියේ රෝගි වී ජීවිතක්ෂයට පත් වුණි.
කුඹුරත් උකස් කර පියා මුදල් ගෙන තිබූ නිසා කුඹුරෙන් ලැබෙන අස්වැන්නද දැන් අහිමි වී ඇත. මේ නිසා බැංකු ණය වාරික ගෙවීමට හැකියාවක් නැත. ගෙවන්නට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ ද නැත. පියා ගත් ණයවලට ඇප වී ඇත්තේ මනාලයා වූ තම පුත්‍රයාම ය.
මේ නිසා අනෙක් ඇපකරුවාත් අමාරුවේ නොදමන්නට පුතා පියවර ගත්තේය.
කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔවුනට දාව දියණියක උපන්නාය. ලොකු මහත් වූ දියණිය පෙර පාසල අතරින් පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරුණි. පංතියට දරුවන් ඇතුළත් කිරීමට යම් මුදලක් පාසලේ දියුණුවට පාසල් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් එවැන්නක් ගෙවීමට හැකියාව නැති බව ඔහු කීවේය. එයට හේතුව මඟුලක් නිසා වෙච්ච අකරතැබ්බයක් යැයි ඔහු කීවා ලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජයට මඟුලක් කා ඇබැද්දියක හිරවෙලා