දකුණු පළාතේ ප‍්‍රධාන නගරයක ඉන්ධන පිරවුම් හලකි. පසුගියදා එම ස්ථානයට පැමිණියේ ඉන්ධන පිරවුම් හලේ කළමනාකරුගේ ළඟම හිතවතෙකි. මේ දෙදෙනා දේශපාලන වශයෙන් එකිනෙකට විරුද්ධ පක්‍ෂ දෙකකට අයත් වුව ද එය මිතුරුකමට බලපෑවේ නැත. තම සමීප මිත‍්‍රයෙකි. සිය වාහනය ඉන්ධන පිරවුම් හලෙහි පෙට‍්‍රල් නිකුත් කරන පොම්පය ළඟ නතර කළ මිතුරා කළමනාකාර මිතුරා සමග විවාදයක පැටළුණේ ජිනීවා සමුළුවේ මානව හිමිකම් යෝජනා ගැනය. ඉන්ධන පිරවුම් හලේ සේවකයකු පැමිණ කොතරම් තෙල් ගසන්න දැයි ඇසූ විට ඔහු ගණන කියා යළිත් යහළුවා සමග වාග් සටනට පැටළුණේය. විනෝදයෙන් රස බර වදන් භාවිතයෙන් වාදය කෙළවර කළ ඔහු සමු ගත්තේ යහළුවාට විහිළු කරමිනි. එහෙත් වාහනය සමීපයට ආ ඔහුට තරු පෙනුණේය. සේවකයා ඞීසල් වාහනයට ගසා ඇත්තේ පෙට‍්‍රල්ය. එය පෙට‍්‍රල් ටැංකිය අසල නවතා තිබූ හෙයින් සේවකයාට වරදක් කීමට ද බැරිය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජිනීවා අර්බුදය මැද්දේ ඞීසල් ටැංකියට පෙට‍්‍රල් ගහලා