IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජනපතිවරණයේදී විදුලි බිලෙන් ඡන්දෙ දාන්න ගිහින්

පසුගිය ජනාධිපතිවරණ දිනයේ කද්දුව ප්‍රදේශයේ ඡන්ද දායක පිරිසක් ඡන්දය දැමීමට යාම සඳහා තම ත්‍රිරෝද රථයට නැග්ගේ කලබලයෙනි. මව පියා දුවත් හා පුතෙක් එහි වූහ.


‘ඡන්ද කාඞ් පත් ටික ගත්තාදැයි පියා විමසූ විට බිරිඳ පුතාට කීවේ එය මේස රෙද්ද යට ඇති නිසා වහාම රැගෙන එන ලෙසටය. දිග ලියුම් කවරයක දමා තිබූ ඡන්ද කාඞ්පත් ගෙනා පසු කවරය තුළට එබී බැලූ මව “හරි යං” කීවාය.


සිවුදෙනාම ඡන්ද මධ්‍යස්ථානයට ගිය විට පෝලිම් වැට ඇතත් කිසිවකු නොවූයෙන් කඩිනමින් ඉදිරියට ගිය පියා ඡන්ද කාඞ්පත් නිලධාරියාට දුන්නේද කලබලයෙනි. එය අතට ගත් නිලධාරියා විමතියට පත්ව මේවා විදුලි බල මණ්ඩලයට ගිහින් දීලා ඡන්ද කාඞ්පත් අපට දෙන්න කීවේ සිනාසෙමිනි. ඡන්ද කාඞ්පත් වෙනුවට ඔවුන් ගෙනැවිත් තිබුණේ විදුලි බිල්පත් කිහිපයකි.
මෙය දුටු සහකාර ස්ථානාධිපතිවරයා “කාඞ් නැතිවුණාට කමක් නෑ. ඡන්දය දෙන්න පුළුවනි” කීවත් පියා සිය බිිරිඳට බැණ වදිමින් දිවගොස් ත්‍රිරෝද රථයට නැග්ගේ’ මං ඉක්මනට කාඞ් ටික අරගෙන එන්නං” කියමින්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

ජනපතිවරණයේදී විදුලි බිලෙන් ඡන්දෙ දාන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site