මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
පරාජිත ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ ආධාරකරුවකුට දුරකතනයෙන් කතාකොට රතිඤ්ඤා ඉල්ලීමේ සිද්ධියක් හේතු කොට ගෙන මිතුරු පිරිසක් විරසකවීමේ පුවතක් මීරිගමට නුදුරු රජ සමයක් හා බැඳුන ගම්මානයකින් වාර්තා විය.
නිතර එකට කල්ගත කරන අසල්වැසි මැදිවිය ඉක්මවූ පිරිසකි. මේ සමාගමයට හත් අට දෙනෙකු අයත්ය. ඔවුන්ගේ දේශපාලන අදහස් විවිධය. දේශපාලනය පිළිබඳව කරන කතා බහේදී ඔවුනොවුන් අතර දැඩි වාග් ප්‍රහාර එල්ලවුවත් ඒවා ඒ මොහොතට පමණක් සීමාවූයේ මිතුරු බැඳීම ප්‍රබලවූ නිසාය.
ජනාධිපතිවරණය අවසන්විය. මිතුරු පිරිස නිතර හමු වුවත් එක් සහෘදයකු පමණක් මේ සමාගමයට දින දෙකක් ම පැමිණියේ නැත. මිතුරු කල්ලිය ඔහුට විහිළුවක් කරන්නට ඉටා ගත්තේ ඔහු නියෝජනය කළ අපේක්ෂකයා පරාජයට පත් වී තිබූ නිසාය.
මිතුරු පිරිසේ දුරකතන අංක ඔහු හොඳින් දන්නා බැවින් වෙනත් දුරකතනයක් මගින් එක් මිතුරකු පරාජිත අපේක්ෂකයාගේ ආධාරකරුවකු වූ මිතුරාට ඇමතුමක් දුන්නේය.
ව්‍යාජ නාමයක් භාවිත කරමින් කතා කළ මේ මිතුරා රතිඤ්ඤ ගෙනාපුවා තියෙනවා දැයි විමසුවේය. උඹ පරාද හින්දා ඔය රතිඤ්ඤා පත්තු කරන්න අපිට දියං ඇමතුම දුන් මිතුරා පැවසීමත් සමඟ පරාජිත අපේක්ෂකයාගේ ආධාරකරුවා කෝපයට පත් වූයේය.
දුරකතනය විසන්ධි කෙරිණි. ටික වේලාවකට පසු තමන්ට ඇමතුම ලැබුණු අංකයට ඔහු යළිත් ඇමතුමක් ගත්තේ ය. කුඩා දරුවකුගේ හඬ ඔහුට ඇසිණි. ඔය ළමයා මොකද මට විහිළුකරේ ඔහු ඇසීය. මම කරපු විහිළුවක් නෑ ළමයා කියද්දි පරාජිත අපේක්ෂකයාගේ ආධාරකරුවා යළිත් කේන්ති ගත්තේ ය. පරුෂ වචන ගිගුරුම් දුනි. විහිළුව කළ මිතුරු පිරිස මේ හබය ද අසා සිටියේ උද්දාමයෙනි.
කෙසේ හෝ තම ඇමතුමට පිළිතුරු දුන් ළමයා කවුදැයි ඔහු හඳුනා ගත්තේය .කඩිනමින් පැමිණියේ මිතුරු පිරිස කල් ගත කරන ස්ථානයටය. මාව විහිළුවට ගත්ත එකා මොකාද ඔහු ඇසීය.
මිතුරු පිරිස සිදු වූ දේ නොවලහා කියමින් විහිළුවක් පමණක් බවට කරුණු කීවත් ප්‍රති ඇමතුම ලබා දුන් අවස්ථාවේ ඒ බව නොකීවේ මන්දැයි විමසමින් ඔහු යළි කෝපයෙන් පුපුරමින් පිටව ගියේ තොපේ ආශ්‍රය මට ආයෙත් එපා කියමිනි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්ද විහිළුවට මිතුරාට මල පැනලා
Janindu Perera Thursday, 26 September 2024 12:47 PM
ආතල් දන්නේ නැති කෙනෙක්නේ. සිලින්ඩර් කාරයෙක් වෙන්න ඇති..