IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඡන්ද ඔට්ටුව පැරදී වාරික ලෙස ගෙවන්න ඉල්ලලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි) 
ජනාධිපතිරවණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති කර ගත් ඡන්ද ඔට්ටුවක් පරාද වූ පුද්ගලයෙකු පරාද වූ රුපියල් පන් දහසක මුදල මාසික වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව ඉල්ලීමේ පුවතක් මීරිගමට නුදුරු පෙදෙසකින් වාර්තා විය. 


දේශපාලනය හිස මුදුණේ තබාගෙන සිටින පුද්ගලෙයකි. තමන් සිත් ගත් අපේක්ෂකයා ජනපති පදවියට පත් නොවුණත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය සම්බන්ධයෙන් ඔට්ටුවක් දමන්නට නොගත් උත්සාහයක් නැත. 


ඔහුගේ කරදරය නිසාම හිතවතකු රුපියල් දහසක ඔට්ටුවකට එකඟ වූයේය. බැහැ බැහැ ඔට්ටුව පන් දහසයි ඔහු කීවේ එකහෙලාය. අන්තිමේ දෙදෙනාම පන් දහසට එකඟ වූහ. මැතිවරණය අවසන්ය. පන්දහස ඕනෑමයි. කී අය සඳහන් කළ අපේක්ෂකයා ලබා ගෙන තිබුණේ ඔහු කී ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුවෙනි. 


තමන් පරාජයට පත් වුවත් ගෙවන්නට රුපියල් පන් දහසක් අත නැත. ඇත්තේ දහසක නෝට්ටුවක් පමණි. මේක අද ගන්න. ඉතිරි හාර දහස මාසෙට දාහ ගානේ දෙන්නම්. ඔහු බැගෑපත් වූයේය. බලකිරීම නිසා දැමූ ඔට්ටුවට සල්ලි කවදා ලැබුණත් මොකද යැයි සිතූ හිතවතා ඊට එකඟ වූයේ මාසිකව මුදල් ගෙවන දිනය ස්ථාවරව එකඟ කරවා ගැනීමෙන් පසුවය. 

 



අදහස් (0)

ඡන්ද ඔට්ටුව පැරදී වාරික ලෙස ගෙවන්න ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1766 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1451 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 520 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site