ඡන්ද ඔට්ටුවක් නිසා සේවා ස්ථානයේ රැකියා මාරුවීමක් පිළිබඳ රසවත් පුවතක් දකුණු පළාතකින් වාර්තා විය.
දකුණු පළාතේ එක්තරා පෞද්ගලික ආයතනයක සේවයෙහි නියුතු සේවකයින් දෙදෙනෙකි. එක් පුද්ගලයෙකු ලිපිකරු තනතුරක් දරන අතර අනෙක් අය කාර්යාල සහායක ලෙස කටයුතු කරයි.
දෙදෙනා ඉතාම කුළුපගව කටයුතු කළද දේශපාලනික වශයෙන් මත දෙකක් දැරූහ. පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඔවුන් දෙදෙනා ප්‍රබල පක්ෂ දෙකක ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අතර එක් අයෙක් මෙවර ඉහළින් ජයග්‍රහණය කළ පක්ෂයකටත්, අනෙකා මෙතෙක් පැවති රජය වෙනුවෙන්ද කටයුතු කළහ.
මොවුන් දෙදෙනා ඉතා හොඳ මිතුරන් වුවද වරින් වර ගැටුම් ඇති වූයේ දේශපාලනය ගැන කතා කිරීමෙනි. එනිසා මේ දෙදෙනා අතර නිරන්තරයෙන් වාද විවාද ඇතිවිය. මොවුන්ගේ වාද විවාද සේවය කරන ආයතනයේදී ද සිදුවූ අතර එය ආයතනයේ අයටද මහත් හිසරදයක් විය.
දිනක් ඔවුන් දෙදෙනා දේශපාලන වාද විවාදයක තදින්ම පැටලී සිටියදී එතනට පැමිණි අයෙකු පවසා සිටියේ වාද විවාද නොකර ඔට්ටුවක් අල්ලන ලෙසයි. දෙදෙනා ළඟම ලොකු මුදලක් නොමැතිකමින් ඔවුහු වෙනත් ඔට්ටුවකට කැමති වූහ. එහෙනම් එම ඔට්ටුවෙන් කාර්යාල සේවක පරාජයට පත් වුවහොත් ලිපිකරුගේ නිවසෙහි සෑම දිනම උදෑසනත් සවසත් සතියක් පුරා ගෙඋයන පිරිසිදු කිරීමයි. ලිපිකරු පරාජයට පත්වුවහොත් සතියක් පුරාවට උදෑසනත් සවසත් ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකිරීමටයි.
මහ මැතිවරණය අවසන් වී ආයතන කටයුතු ආරම්භ කළ පසුගියදා අනෙක් අයට දැකගත හැකි වූයේ හොඳින් හැඳ පැලඳ ටයිපටියක්ද පැළඳි ලිපිකරු උදෑසනම පැමිණ කාර්යාල කාර්ය සහායකට නියමිත බොහෝ කටයුතු සිදුකරන අයුරුත් එහි අධීක්ෂණ කටයුතු කාර්යාල සහායක විසින් නිරීක්ෂණය කරන අයුරුයි.
මෙම කටයුතු සිදුකිරීම සඳහා වෙනදාට වඩා උදෑසනින් නිවසින් පිටවීමත්, රෑ බෝ වී නිවසට පැමිණීම නිසා බිරිඳගේ සිත තුළ වෙනස් ආකාරයේ සැකයක් ඇති වී ඔහුට දොස් පරොස් තබන්නට විය. ඉන් බේරීම සඳහා ඔහු ඇයට පවසා සිටියේ ළඟදී උසස් වීමක් ලැබෙන බවත් ඒ සඳහා මේ සතිය තුළ පෙරහුරුවක යෙදෙන බවයි.
කඹුරුපිටිය විශේෂ - කේ. අජිත්
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්ද ඔට්ටුව පැරැදී පියන්ගේ වැඩේ කරන්න වෙලා