IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන

(වියලුව වාර්තාකරු) 
ජනාධිපතිවරණ ප්‍රථිඵලය සම්බන්ධයෙන් ගිවිසගත් ඔට්ටුවක් ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී සති කීපයක් ගතවන තුරුත් ඉටු නොකිරීම නිසා ඒ වෙනුවෙන් ගිවිසගත් කුඹුරුයාය තමන් නමට ලියවා ගැනීමට ප්‍රදේශයේ  සාමදාන විනිශ්චයකරුවකු ද තම යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවස වෙත ගිය පුද්ගලයකු පිළිබඳව පුවතකි මේ.


සිද්ධිය මෙසේය.


ඔවුන් දෙදෙනා යහමින් දේශපාලන උණ වැළඳුණු ප්‍රතිවිරුද්ධ පක්ෂ දෙකක සාමාජික දෙපලකි.


ඉකුත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වූ ප්‍රධාන පක්ෂ දෙකෙන් තමුන් නියෝජනය කරන පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කළහොත් තම කුඹුරු යාය අනෙකාගේ නමට ලියා දෙන බව එක් අයෙක් පැවැසුවේය.


“මට කුඹුරක් නැහැ. ඒත් මගේ නමින් බැංකුවේ තිබෙන රුපියල් ලක්ෂ තුනම උඹට දෙනවා” යයි අනෙකාද අභියෝගය බාර ගනිමින් පැවසුවේය.


ප්‍රදේශයේ තවත් කීපදෙනෙක් සාක්ෂිකරුවන් ලෙසද පෙනී සිටියහ.


ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වෙද්දී කුඹුරු හිමියා පරාජයට පත්වී තිබිණි. ජයග්‍රහණය සැමරූ ජයග්‍රහකයා දින කීපයක් ගතවන තුරු බලා සිටියේ ඔට්ටුවෙන් හිමිවූ කුඹුරුයාය තමන් නමට ලියා දෙන තුරුය.


එහෙත් එය දිනෙන් දින කල් දැමූ පරාජිතයා එළඹෙන මහ කන්නයේ වගාව සඳහා එය එළි පෙහෙළි කරන්නට  පටන්ගෙන ඇත්තේ ඔට්ටුව පිළිබඳ අමතක කර දමමිනි.


සාක්ෂිකරුවන් කොතෙක් බලපෑම් කළ ද ඒ පිළිබඳව ද ඔහු තුළ ලොකු උනන්දුවක් නොතිබිණි.


අවසානයේ තීරණයක් ගත් ජයග්‍රහකයා ගමේ සාමදාන විනිශ්චයකරුවකු ද සිය යතුරුපැදියේ නංවාගෙන පරාජිතයාගේ නිවසට ගොස් කරුණු පහදා දී කුඹුර තමුන් නමට ලියවා දෙන්නයි ඉල්ලීමක් කළේ නැතහොත් ගැටලුව දුරදිග යන බව පවසමිනි.


අවසානයේ තම බිරිඳගේද දෙස් දෙවොල් මැද ගිවිසගත් පරිදි කුඹුරුයාය ලියා දීමට පරාජිතයාට සිදුවූයේ කළ හැකි අන් යමක් නොතිබූ බැවිනි.



අදහස් (0)

ඡන්ද ඔට්ටුව නොදුන්නැයි කුඹුරුයාය බලෙන් ලියාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site