පවුලේ සාමාජිකයින් චාරිකාවක යෙදෙන අතර දිවා ආහාරය ගැනීමට නතරවූ ඥාති නිවෙසට තෑගි වශයෙන් බත් පාර්සල් දෙකක් රැගෙන ගොස් සිදුවූ ජංජාලයක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
දරුවන් හැරුණු විට නිවසේ ගෘහ මූලික ජෝඩුව මසුරු සිටාණන්ගේ පරපුරෙන් පැවත එන්නෝ වෙති. ඔවුනගේ මසුරුකම කොතරම්ද යත් සත පහ දෙකට ගැලවිය හැකි නම් එයද කරන්නට දෙන්න දෙමහල්ලන් පසුබට නොවන බව නොරහසකි.
ඥාති හිතමිතුරන් කොතෙක් සිටියද මුදල් වියදම් වන නිසා වසර ගණනාවකට වරක්වත් එම ස්ථානවලට මොවුහු නොයති. කලාතුරකින් හෝ නොයා බැරි කමට එම ස්ථානයකට යාමට සිදුවුවහොත් කිසිම දෙයක් රැගෙන නොයන නිසා එම ගෙදරට ගොඩ වෙන්නේම ‘‘අනේ ඔන්න මොකුත් ලෑස්ති කරන්න එපා, අපිට මේ දැන් ඉක්මනින්ම යන්න ඕනෑ” කියාගෙනමය.
මේ පිරිස පසුගිය සති අන්තයේ දිනෙක චාරිකාවක් යාමට සැලසුම් කළහ. චාරිකාව යන ප්‍රදේශයේ ඇති තම ඥාති නිවසකට පෙර දින රාත්‍රී දුරකතන ඇමතුමක් දුන් ගෘහ මූලික කාන්තාව දන්වා සිටියේ තම පවුලේ අය හෙට දින ඔය ප්‍රදේශයට චාරිකාවක් එන බවත් දිවා ආහාරයද සකස්කර ගෙන රැගෙන එන බැවින් තමන් වෙනුවෙන් කිසිදු දෙයක් සූදානම් කිරීමට කරදර නොවන ලෙසත් මුහුණ කට සෝදාගෙන දහවල් කෑම ටික කෑමට පමණක් තිබුණොත් ප්‍රමාණවත් බවත්ය.
කෙසේ වෙතත් ගෘහ මූලිකයා සිය බිරිඳට යෝජනා කළේ කාලෙකින් ගියෙත් නැති නිසා අපි මොනව හරි අරගෙන යමු කියාය.
ඊට ප්‍රතිචාර දැක්වූ බිරිඳ ‘‘කඩවල්වලට සල්ලි පූජ කරල කේක් , බිස්කට් ගන්න අවශ්‍ය නෑ, අපි කොහොමත් උයන එකේ ඒ කට්ටියටත් අපි බත් පාර්සල් දෙකක්ම හදාගෙන යමු” යැයි කීවාය. ඊට ඔහුගේද කැමැත්ත පළවිය .
පසු දින පිරිස චාරිකාවේ යෙදී දිවා ආහාරය ගැනීමට ඥාති නිවෙසට ගොඩවූයේ සිලි සිලි මල්ලක දමාගත් බත් පාර්සල් දෙකද එම නිවැසියන්ට පැහැදිලිව පෙනෙනසේ එල්ලාගෙනය.
සුපුරුදු පරිදි එම නිවෙසටද ඔවුන් ගොඩවූයේ ‘‘අනේ කරදර වෙන්න එපා, අපි කෑම ටික කෑවා....ගියා”යැයි කියාගෙනමය.
එසේ වුවද ආගන්තුක සත්කාරය මහ ඉහළින් සිදුකරන ඥාති නිවසේ අය තමන් සකස්කර තිබූ මාළු පිනි ආදියෙන් සහ අතුරුපසෙන්ද ඔවුනට සංග්‍රහ කළහ.
ආහාර ගත් විගස චාරිකාවේ පිරිස පිටත්ව ගියහ.
ඔවුන් ගෙනා පාර්සලය කැබිනෙට්ටුව මත තිබෙනු දුටුවද එය පරීක්ෂා කිරීමට තරම් නිවැසියන් උත්සුක නොවිණි.
කෙසේ වෙතත් සවස තේ පානය කරද්දී ඥාති ගෙහිමි කාන්තාව එම පාර්සලය විවෘත කර බැලුවේ තේ බීමට යමක් එහි ඇතැයි අනෙක් අය සමඟද සතුටින් පවසමිනි.
එහෙත් ඒ වන විට පිළුණුවී දුඟද හමමින් තිබූ බත් පාර්සල් දැකීමෙන් සියල්ලෝම මවිතයට පත්වුණාලු.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
චාරිකාව යද්දී බත් පාර්සල් දෙකක් නෑගෙදර ගෙනිහින් පටි කඩාගෙන