හුරතලයට ඇති දැඩි කරන ලද ගිරවෙක් කූඩුවක සිටිය දී කෑම දීමට පැමිණි ගෙහිමි කතක් ගිරා කූඩුව මදක් බිමින් තබා එහි දොර ඇරියේ කෑම භාජනය කූඩුව තුළට තැබීමටය. ඒ අසල නිවසේ සිටි බල්ලා පැනපු ගමන් සැණෙකින් ගිරවා අල්ලා ගත්තේ ඇයට කිසිවක් සිතා ගැනීමට පවා නිමේෂයක්වත් නොතබමිනි.

ඇය කෑ ගැසුවද බල්ලා ගිරවා අල්ලා ගත් සැණින් දුවන්නට විය. ගෙහිමි කත දරුවෙකු ලැබීමට පස් මස් ගැබිනියක වූ හෙයින් බල්ලා පසු පස දිවීම අසීරු කාරණයක් විය. සැමියාගේ සැර පරුෂකම් දත් කාන්තාව වඩාත් බිය වූයේ සැමියා පැමිණ තමාට පහර දෙන බව දන්නා බැවිනි.
සැමියා පැමිණ ‘මොකද වුණේ කියා බැලුවේ බිරිඳට කුමක් හෝ කරදරයක්ද කියා සිතමිනි. බිරිඳ වෙව්ලමින් බල්ලා ගිරවා අල්ලා ගත් බව කීවාය. ඇගේ කෑ ගැසීමට පැමිණි සැමියා ‘ගිරවා බල්ලා අල්ලගන්නකං උඹ මොනවා කළා දැයි’’ කෙස් වැටියෙන් අල්ලා ගැබිනි බිරිඳට තඩිබාන්නට විය.
අහිංසක නියාලු ගති ඇති කාන්තාවක වූ ඇය ස්වාමියාගේ පහර කෑමට ලක්ව හඬමින් ‘මම මොනවා කරන්නද? කූඩුව බිමින් තිබ්බ ගමන් බල්ලා පැනල ගිරව අල්ල ගත්තා යැයි කීවාය. ඇගේ කතාවට තව තවත් උරණ වූ සැමියා ඇයට දිගින් දිගට අතින් පහර දුන්නේ ‘ඇයි උඹ ගිරා කූඩුව බිමින් තිබ්බේ’ කියමිනි.
බල්ලට තඩි බානවා වෙනුවට බිරිඳට තඩි බෑ ස්වාමියා කේන්තියෙන් පුපුරු ගසමින් ගියේ ‘උඹ වගේ ගොං කණුවක් බැඳගත්තට වැඩිය හොඳයි ගමේ අහවල් ගෑනි වගේ ගෑනියක් බැඳ ගත්තනං’ කියමිනි.
මේ සිද්ධිය වාර්තා වුණේ පන්නල පැත්තේ ග්‍රාමීය ප්‍රදේශයකිනි
ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ
නැදලගමුව.
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගොං කරත්තයක් බැඳගත් ගොනාට පිස්සු හැදිලා