IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ගස් හතරක පොල් කැඩුවාට පුතා තාත්තා ගෙයින් එළවලා

ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ

වත්තේ පොල් ගස් හතරක ගෙඩි කැඩුවේ යැයි උරණ වූ පුතකු සිය හැත්තෑ තුන් හැවිරිදි පියා නිවෙසින් පලවා හැරීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ඈත ගමකින් අසන්නට ලැබිණ.

මේ පියා උපන් ගමේ පිහිටි මාපියන්ගේ උරුමයෙන් තමන්ට හිමි වූ ඉඩ කඩම්, දේපොළ විකුණා ඉඩම් මිලදීගෙන ඒවා සංවර්ධනය කරගෙන දරුමල්ලන් පෝෂණය කරමින් ද ඔවුන්ට අධ්‍යාපනය දෙමින් ද ජීවත් වූවෙකි.

දරුවන්ගේ කල වයස සපිරි විට ඔවුන්ට ගේ දොර ඉදිකර ගැනීමට උදව් දෙමින්, ආවාහ විවාහ සිදු කොට දී සිය බිරියත් සමග ජීවිතයේ සැඳෑ සමය වැඩිමල් පුතුගේ නිවෙසේ ගත කරමින් සිටියේ ඉමහත් සතුටිනි.

කල් යත්ම බිරියට මෙන්ම පුතුට ද ඔහු වස කදුරු මෙන් විය. ඔහුගේ අඩුපාඩු පෙරට වඩා මතු කරන්නට, දොස් තබන්නට වූහ. සිතා මතාම මදි පුංචිකම් සිදු කළහ. ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමටවත් මුදලක් නොලැබිණ.

එවන් අවස්ථාවක පුතුගේ නමින් වූ වත්තේ ඔහුම සිටවා ලොකු මහත් කළ පොල් වගාවේ ගස් හතරකින් ගෙඩි කඩා විකුණුවේය. ඉහළ නිලයක් ද දරන පුතාට මේ බව සැලවීමත් සමග ඉන් බොහෝ සෙයින් උරණ වී මව ඇතුළු පවුලේ කීප දෙනෙකුගේ ද මනාපයෙන් සිය පියා නිවෙසින් පලවා හැර තිබේ.

හැත්තෑ තුන් හැවිරිදි මේ පියා අසල්වැසි ගමකට ගොස් එහි පාළු නිවෙසක එගම් වැසියන්ගේ උදව උපකාරයෙන් ජීවිතය ගැට ගසා ගන්නා බවත් දැන ගැනීමට ලැබිණ.



අදහස් (0)

ගස් හතරක පොල් කැඩුවාට පුතා තාත්තා ගෙයින් එළවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site