IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගස් ගෝන මස් කෑ පාපන්දු පුහුණු කරු රෝහලේ ප්‍රැක්ටිස්

ගස් ගෝන මසට ලොල් වූ ක්‍රීඩකයකු හෝටලයකින් ගෝන මස් කා රෝහල් ගතවීමේ පුවතක් දකුණු පළාතෙන් වාර්තාවේ.


හේ ප්‍රවීණ පාපන්දු පුහුණුකරුවෙකි. ඔහු නැගෙනහිර පළාතට දින දෙක තුනකට ගියේ එහි පැවති පාපන්දු පුහුණු කඳවුරක උපදේශකයකු ලෙස කටයුතු කිරීමටය. දඩ මස්වලට ඉමහත් ප්‍රසිද්ධියක් ඉසුලූ එම ප්‍රදේශයට ගිය ඔහුට දඩමස් කෑමට ඇතිවූයේ බලවත් ආසාවකි.


මේ නිසාම ඔහු මේ පාපන්දු පුහුණු කඳවුරේ සංවිධායකයින්ට සිය අදහස ඉදිරිපත් කළේය. ඔවුහු පාපන්දු පුහුණුකරු දඩමස්වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන හෝටලයකට රැගෙන ගියහ.


‘මොනවද අද කෑමට තියෙන දඩමස්” යයි එහි ගිය ඔවුහු හෝටල් බලධාරීන්ගෙන් ඇසූහ.


“හා මහත්තයා අද විශේෂ ගස් ගෝනා මස් තියෙනවා”


ගෝන මස් යයි කී සැණින් පාපන්දු පුහුණුකරුවාගේ කටට කෙළ ඉනුවේ තමා කවදාවත්ම ගෝන මස් කා නොමැති නිසාය.


පාපන්දු පුහුණුකරු කැඳවාගෙන ගිය අය ඔහුගෙන් ඇසුවේ “සර් කමක් නැද්ද අද තියෙන්නේ ගස් ගෝන මස්ලු” යයි කියමිනි.


“ෂා නියමයිනේ. මම කවදාවත්ම ඔය මස් කාලා නැහැ. කමු කමු අද බලන්න පුළුවන්නේ ඔය මස්වල රස” යයි කීවේ මහත් රුචියකිනි.


කෑමත් සමගම දවසේ විශේෂ ගස්ගෝන මස් පීරිසියක්ද ඔහුට ලැබුණි. තෙල් පිරී තිබූ මස් පීරිසිය දුටු සැණින් ඉහවහා ගිය ප්‍රීතියෙන් ඔහු බත් සහ එළවළුවලට වඩා මස් දමාගෙන කෑවේය. මස් පීරිසි දෙක තුනක්ම භුක්ති වින්දේය.


ඔහු කෑම කා අවසන් වෙනවාත් සමගම තවත් පිරිසක් කෑම ගැනීමට එම හෝටලයට පැමිණියහ. ඒ පැමිණි පිරිස ද ඇසුවේ “අද මොනවාද ස්පෙෂල් තියෙන දඩ මස්” කියාය. 


එවිට ඔවුනටද හෝටලේ හිමියා කීවේ අද තියෙන්නේ ගස් ගෝන මස් යනුවෙනි. “අපෝ එපා ගස් ගෝනමස් නම් අපිට එපා. අපි යනවා වෙන හෝටලයකට” කියමින් ඔවුහු ආපසු ගියහ.


මේ දෙබස ඇසූ පාපන්දු පුහුණුකරු තමන් සමග ගිය අයගෙන් ඇසුවේ ඇයි ඒ අය ගෝන මස් එපා කියමින් ගියේ කියාය. 


“ගෝන මස් කොච්චර රසද? මමනම් පීරිසි දෙක තුනකටම වගකීවා”යි වැඩිදුරටත් කීවේය.


ඇයි සර් දන්නේ නැද්ද ගස් ගෝන මස් කියන්නේ මොනවටද කියල. අපි හිතුවේ සර් ගස් ගෝන මස් ගැන දන්නවා ඇති කියලයි. ඔවුහු කීහ.


“අනේ නැහැනේ ගස් ගෝන මස් කියන්නේ ගෝන මස්වලට නෙමෙයිද? මම හිතුවේ ගස් ගෝන කියන්නේ ලොකුවට ගහක්වගේ හැදුනු ගෝනකුටයි කියලානේ. 


තමන් කෑවේ මොන සතාගේ  මස් ද කියා දැන ගැනීමේ දැඩි වුවමනාවක් ඔහුට විය.


සර් ගස් ගෝන මස් කියන්නේ වඳුරගෙ මස් වලටයි. ඔවුන් කී විට ඔහුට ඇති වූ අප්පිරියාව පිටවූයේ වමනය යාමත් සමගය.


වඳුරාගේ කළු හම, එහි තිබූ දිගු මවිල් මතක් වෙන මතක් වෙන විට ඔහුට වමනය ගියේය. උගුරට හානි සිදුවී ලේ වමනයද ඔහුට ගියේ වමනය නතර කර ගන්නට ගත් හැම උත්සාහයක්ම අසාර්ථක වෙමිනි.


අවසානයේ ඔහු ළඟම තිබෙන රෝහලේ නේවාසිකව නතර කරනු ලැබුවේ වමනය නතර කර ගන්නටය.


වමනය යාමත් සමගම ඔහුට ඇතිවූ කෑම අරුචියෙන් පාපන්දු පුහුණු කිරීමට තියා කෙළින් සිට ගැනීමටවත් ශක්තියක් නොවූවෙන් ඔහුට සිදුවූයේ පාපන්දු උපදේශනය අතරමග නවතා ගෙදර  යාමටය.


කොහොමද ගස් ගෝන මස් යයි කෙනකු ඇසූ විට ඔහුට දැනුදු වමනයට එන බව කියයි.
(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

ගස් ගෝන මස් කෑ පාපන්දු පුහුණු කරු රෝහලේ ප්‍රැක්ටිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 300 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site