IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගව අංතට්ටුවක් උසාවි ගිහින්

අං තට්ටුවක් නිසා පොලීසිය හරහා අධිකරණය දක්වා ගිය අරගලයක් පිළිබඳ අපූරු පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ වියළි කලාපයට අයත් ප‍්‍රදේශයකිනි. 

මීට වසර තුනකට පමණ පෙර තම ගවයින් අතර සිටි විශේෂ ගවයකු අතුරුදන්වීම පිළිබඳව සොයා බැලූ මේ ගවපට්ටි හිමියාට ඔත්තුවක් ලැබුණේ පසුගියදාය.

ඔහුගේ අතුරුදන්වූ ගවයා විශේෂයක් වූයේ උගේ අපූරු අංතට්ටුව නිසාය.

අසල්වැසියාගේ ඔත්තුවෙන් කියැවුණේ මේ ගවයාගේ අං තට්ටුවට සමාන එකක් හේනේ පැලක තිබී තමා දුටු බවත් ඒ පිළිබඳව විමසූවිට හේන් හිමියා කලබලවූ බවත්ය.

වහා මේ ඔත්තුකරු සමග හේනට ගිය ගව පට්ටි හිමියා මේ අංතට්ටුව දැක හේන් හිමියාගෙන් ඒ ගැන විමසූවිට ඔහු දුන් පිළිතුරුවල අවුල් සහගත බව නිසා කතාබහ උණුසුම් වී දැන් ගව හොරකම උසාවිය දක්වා ගොස් ගව අංතට්ටුව නඩු භාණ්ඩයක් වෙලාලූ.



අදහස් (0)

ගව අංතට්ටුවක් උසාවි ගිහින්

ටෙරන්ස් Thursday, 05 November 2015 01:10 PM

අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කලුවිතාන Friday, 06 November 2015 12:19 PM

පවු අහිංසක සතා! (නි)

:       0       0

සමිත් Saturday, 07 November 2015 06:02 AM

යසිත්ගේ මොලේ තමයි මොලේ...(රේ)

:       0       0

නුවන් Thursday, 05 November 2015 07:38 PM

අං තට්ටුව නිසා ජීවිතය අහිමිවෙලා නෙමෙයි. අං තට්ටුව නිසා වැඩේ අහුවෙලා. (නි)

:       0       0

ජයන්ත Thursday, 05 November 2015 12:28 PM

මළවුන් බොරු නොකියති. සාක්ෂිද ඉතිරි කර ඇත. නොපමාව දඬුවම් දීමෙන් මළවුන්ට සාධාරණය ඉටුවනු ඇත (නි)

:       0       0

යසිත් Thursday, 05 November 2015 12:46 PM

කොහොමහරි අහිංසක සතෙකුගේ ජීවිතය අං තට්ටුව නිසා අහිමිවෙලා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site