IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගෙවල් කුලිය නොදී දොරේ දැන්වීමක් අලවා ජෝඩුවක් මාරුවෙලා

 

(තිහගොඩ  උපසේන ලියනගම)

දකුණු පළාතේ නිදහස් වෙළඳ කලාපයක ආරක්‍ෂක මුර කුටිය වෙත කඩිනමින් ආ මැදිවියේ යුවළක් විමසා සිටියේ එහි කම්හලක සේවය සඳහා නව යුවළක් පැමිණියා ද යන්නය.

කරුණු විමසීමේ දී මේ දෙදෙනා තවදුරටත් ආරක්‍ෂක නිලධාරියාට කීවේ ඔවුන් පිළිබඳ කිසිම තොරතුරක් තමන් ළඟ නැති බවත් පසුගිය මස අගදී එහි පැමිණි ඔවුන් දෙදෙනා මෙම වෙළඳ කලාපයේ සේවය කරන බව කියා තම නිවසේ කොටසක් කුලියට ගෙන මාසයේ අගදී පඩි ලද වහාම කුලී ගෙවන බවට පොරොන්දු වූ බවත්ය. ‘‘ඉතිං මොකද වෙලා තියෙන්නේ’’ ආරක්‍ෂක නිලධාරියා විමසුවේ සැකයෙනි.

‘‘මේ දැන්වීම ඊයේ ? දොරේ අලවලා ජෝඩුවම යන්න ගිහිං’’ කී ඔවූහු දැන්වීම පෙන්වූහ. එහි වූයේ මෙතෙක් කල් නැවතීමට පහසුකම් දීම පිළිබඳවත් තම ප‍්‍රයෝජනය සඳහා විදුලි උපකරණ දීම පිළිබඳවත් අනේක වාරයක් ස්තුතිවන්ත වන බවත් ඒ සියල්ල රැගෙන වෙනත් තැනකට යන බවත්ය.

කිසිදු තොරතුරක් නොදැන නේවාසික පහසුකම් දීම ගැන ආරක්‍ෂක නිලධාරියා කරුණු කියා දුන් පසු ‘‘පොලිසියටවත් ගිහිං බලමු’’ කියා ඔවුන් ආපසු ගියාලූ.



අදහස් (2)

ගෙවල් කුලිය නොදී දොරේ දැන්වීමක් අලවා ජෝඩුවක් මාරුවෙලා

siriyalatha Tuesday, 21 March 2017 12:56 PM

දැනුවත් කිරීම සදහා කුලියට දෙනවිට කලයුත්තේ මුල මස සහ අන්තිම මස සදහා කුලිය ලබා ගතයුතුයි. එවිට ඔයවගේ දෙයකදී පසුතැවිලි විය යුතු නැහැ. අනුකම්පාව හොදයි . එත් අනෙක් පැත්තෙන් භූමිකම්පාවක් තමයි අත්වෙන්නේ .

:       3       20

Sudheera Saturday, 25 March 2017 01:49 AM

දැන් අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ තුට්ටු දෙකේ හොරු. ආත්ම ගෞරවයක් නැහැ, ලැජ්ජා බයක් නැහැ, සල්ලි කිව්වොත් ඒක තමයි ජීවිතේ කියල හිතන් ඉන්නේ, අසරණ මනුෂ්‍යයෙක් ගැන විශ්වාසය තබල උදව්වක් උපකාරයක් කරන්න නොහිතෙන්නේ මේ වගේ කාලකන්ණි ඉන්න නිසයි,

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site