IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ගංවතුර අනාථයන් ගැන දුක සිතී සීනි බෝතලයට බුලත් කෙළ ගහලා

ඔහු පෙදරේරුවෙකි. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් රැකියාවට නොයයි. 


ජල ගැලීම් හා වෙනත් ආපදා පිළිබඳව දැන ගැනීම සඳහා මොහු වේලාවට රූපවාහිනිය ළඟට යාම සිරිතය. එදින ප්‍රවෘත්ති පටන් ගැනීමට විනාඩි පහක් පමණ තිබියදී බිරිඳට කියා කහට කෝප්පයක් සූදානම් කරගෙන රූපවාහිනිය ඉදිරියෙන් වාඩිවිය. 


අල්ලට සීනි කා කහට බීමට ඔහු ඉතා කැමැතිය. කහට කෝප්පය පිළිගැන්වු බිරිඳ පඩික්කම ද ඔහු ළඟ ගෙනත් තැබුවේ කහට බිවූ ගමන් ඔහු බුලත්විටක් හපන බව දන්නා නිසාය. 


සීනි බෝතලයේ පියන හැර පසෙක තබා අල්ලට ගත් සීනි සමග කහට කෝප්පය බී හමාර කළ මොහු සීනි බෝතලයද පය පාමුල තබා ගත්තේය. 


ප්‍රවෘත්ති කීම ආරම්භ විය. විශාල නාය යෑම්, ගෙවල් යටවීම්, අනාථ වු ජනතාව එම කඳවුරුවල සිටින අයුරු ඇසු ඔහුට විශාල ශෝකයක් ඇති විය. මේවා නරඹන අතර ඒ දෙස බලමින් සීනි බඳුන රැගෙන ඒ තුළට බුලත් කෙළ ගැසුවේ දැඩි වේදනාව හා අනුකම්පාව නිසාය.
මේ ආකාරයට ප්‍රවෘත්ති අවසාන වන තෙක් බාසුන්නැහේ රූප පෙට්ටිය නරඹන ලදී.


නමුත් පඩික්කමයැයි කියා කෙළ ගසා ඇත්තේ සීනි බෝතලයට බව දැන සිටියේ නැත. 


මඳ වේලාවකින් බිරිඳ පැමිණ සීනි බෝතලයද රැගෙන කුස්සි කාමරයට යන ලදී. බෝතලය තුළ යමක් තිබෙනවා දැක පරීක්ෂා කිරීමේදී ඒ තුළ බුලත් කෙළ පිරී තිබුණි.


ඈ දෙයියනේ මේ සීනි බෝතලේ බුලත් කෙළ පිරිලා. ඇයි මේකට කෙළ ගැසුවේ කියා අසා සිටින ලදී. ආ මට ලොකු වැරදීමක්. මම කඬේට ගිහිල්ලා ඔයාට සීනි ගෙනත් දෙන්නම්. සීනි ටිකක් වගේද ඕයි මේ අනාථ වෙලා සිටින මිනිස්සු. උන්හිටි තැනුත් නැති වෙලා. මට වත්කම තිබුණා නම් මම මේ අසරණ වෙලා ඉන්න අයට සීනි මිටිය බැගින් ගිහින් දෙනවා. තේරුණාද? කියන ලදී. බිරිඳ ළිඳ ළඟට ගොස් සීනි බෝතලේ ශුද්ධ කර සෝදනවා දුටිමි. 
(දයාසේන කේ. ගමගේ)

 



අදහස් (0)

ගංවතුර අනාථයන් ගැන දුක සිතී සීනි බෝතලයට බුලත් කෙළ ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1366 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site