IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුරුවරියට ඇඹරූ ගැටය තමන්ටම කරකැවිලා

සහෝදර ගුරුවරියට ඇඹරූ ගැටයේ පශ්චාත් භාගය තමන්ට කැරකැවී  ඇවිත් අලි අමාරුවක වැටුණු ගුරුවරයකු පිළිබඳව දකුණේ පාසලකින් අසන්නට ලැබේ.
දෙන්නා එක ගෘහයේ සිටියාට නයා මුගටියා මෙනි. කොයිවෙලාවෙත් දෙන්නා අතර රණ්ඩු සරුවල්ය. දෙන්න ගහ මරා නොගත්තත් වාග් ප්‍රහාර නිතර නිතරය. උණුසුම් වුවත් අත්පා සෙලවීමක් නැත්තේ ඇය ගුරුවරියක නිසාමය. මේ දෙන්නාගේ අඩදබරය ඇය සේවය කරන පාසලට ද ගියේය. ඒ සම්බන්ධයෙන් පාසලේ නොදන්නා ගුරුවරයකු නැති තරම්ය.
එදා විදුහල්පති පාසල නිමවීමෙන් පසු හදිසි ගුරු රැස්වීමක් කැ​ෙඳව්වේ හදිසි අවශ්‍යතාවක් නිසාය. ඔය අතරේ අර ගුරුවරියගේ ජංගම දුරකතනය නාද විය. ඇය ටක්කෙටම සිතුවේ තම සැමියා වෙන්න ඇතැයි කියාය.


උපැස් යුවළ නොදාපු නිසා ඇමතුම දුන්නු කෙනා නොපෙණුනු ඇය එයට සම්බන්ධ වූ සැණින් අනෙක් අන්තයෙන් ආවේ මොකද තමුසේ ඉස්කෝලේ ඇරිලා ඔහේ නිදිවදිනවාද? යයි යන්නය. එය සැමියාගේ කටහඬට සමානය. ‘ඕයි කෑ නොගහා ඉන්නවා. අද ස්ටාප් මීටින් එකක්. ඒක ඉවර වුණු ගමන්ම එනවා.’ ‘තෝ මෙහේ අද නාවාට කමක් නැහැ. ඔහේම හිටපිය’ යැයි ද ඇසුණේය. ඇයට තැන නොතැන අමතක වුණාය. ‘ඒයි බල්ලෝ මම කියපු එක තේරුණේ නැද්ද?’ මම ගොන් හරකෙක් බැඳගත්ත එකේ විපාකේ තේරෙන්නේ දැන් තමයි’ කියමින් දුරකතන ඇමතුම විසන්ධි කළාය.
ඇයගේ පිටු පස්සේ සිටි සහෝදර ගුරුවරුන් පිරිසගේ කැකිරි පලන හඬ ඇසුණේ මේ අතරය. ‘ඒයි බල්ලෝ මම කියපු එක ඇහුණේ නැද්ද? යි’ කියමින් ඔවුහු මේ ගුරුවරියට ඇසෙනසේ කීහ. ඇයට වැඩේ තේරුම් ගියාය. තමාට ආපු දුරකතන ඇමතුම බැලු‍වේ උපැස් යුවළ දමාගෙනය.
එය දුන් කෙනා හඳුනා ගත් මේ ගුරුවරිය එදාම හවස සිය සැමියා සමග දුරකතන ඇමතුම දුන් ගුරුවරයාගේ නිවසට ගියේ මේ බලු‍ වැඩේ පිළිබඳව ඇයගේ භාර්යාව දැනුවත් කිරීමටය. ඒ හිමින් නම් නොවේ අහළ පහළ අයට ද ඇසෙන ලෙසය. මේ සමගම ගුරුවරයා හොල්මන්ව ගියේය. ඔහුගේ භාර්යාවගෙන් බැණුම් එමටයි. මේ වගේ වැඩ කර ආයෙනම් ගෙදරට එන්න එපා, යැයි භාර්යාව ඔහුට කීවේ තර්ජනාත්මකවලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

ගුරුවරියට ඇඹරූ ගැටය තමන්ටම කරකැවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site