IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරුවරියගේ පොතෙන් ත්‍රීරෝද රියැදුරුට තරු පෙනිලා

(හිඟුරානේ - නවරත්න සමරතුංග)
ත්‍රිරෝද රථ රියැදුරෙකුට එක්තරා ගුරුවරියක විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ බව කියන සිද්ධියක් අම්පාර නාගරික ප්‍රදේශයෙන් වාර්තාවේ. 


එම සිද්ධිය මෙසේය. 


දිනය ඉකුත් 11දාය. වෙලාව පෙරවරු 8.45ට පමණ ඇත. වෙනත් නාගරික ප්‍රදේශයකින් පැමිණි ත්‍රිරෝද රථයක් කෙටි අතුරු මාර්ගයක් ඔස්සේ අම්පාර නගරය වෙත ගමන් කරමින් තිබිණි. 


ඉදිරියෙන් ගමන් කළ රූමත් කාන්තාවක් පිටුපසින් එන එම ත්‍රිරෝද රිය දෙස හැරී බලා එය නවත්වන ලෙස අතින් සංඥාකර ඇත. ඒ අනුව රියැදුරා රිය නතරකළ විට අසවල් ඉස්කෝලය ළඟට යන්න පුළුවන්දැයි ඇය විමසුවාය. 


උදෑසනම තමන් අතට කිසියම් මුදලක් ලැබෙන බව සිතූ රියැදුරා ඔහු ගමන් කළ දිසාව මාරුකර එම කාන්තාව රියට නංවාගෙන ඇය පැවසූ විදුහල වෙත ගමන් කරන්නට විය. 


‘බලන්නකෝ මගේ වාහනේ ආවෙ නැහැනේ. දැන් මගේ අතේ සල්ලිත් නැහැ අනේ යැයි ත්‍රිරෝද රියේ ගමන්ගත් ඇය කටහඬ අවදි කළාය. 


‘අතේ පිච්චියක් නැතිව අහවල් එහෙකටද එහෙනම් උදේ පාන්දර වාහනේ නවත්තලා මේකට නැග ගත්තේ. මම යන ගමනත් මස්තබාල්දු වෙන බව ටීචර් කෙනෙක් වුණාම දන්නේ නැද්දැයි’ කියන්නට ඔහුට සිත්වුණද එය තමාටම කියාගත් රියදුරා ආපසු යන්නට රිය හරවද්දී ඉන් බැසගත් ගුරුවරිය ඔමරි සිනාවක් පා ස්තුතිකර යන්නට ගියාය. 


මෙම සිද්ධිය එක්තරා ගුරුවරයෙකුට එම රියැදුරා පැවසූ විට ගුරුවරයා කීවේ ‘ඒ ටීචර් උගන්වලා තියෙන්නේ පොඩි පන්තිවල ළමයින්ට උගන්වන ප්‍රාථමික තාක්ෂණ කුසලතා වර්ධනය’ කරන පාඩමක්. ඔයත් ඒක ඉගෙනගෙන තිබුණානම් ඔය වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැයි එම ගුරුවරයා පැවසූ බව දැනගන්නට ඇත.

 



අදහස් (1)

ගුරුවරියගේ පොතෙන් ත්‍රීරෝද රියැදුරුට තරු පෙනිලා

abaran Tuesday, 16 October 2018 05:18 AM

කපටිකම වංචාව ආදී සමාජයට අහිතකර දේ ගුරුවරු විසින් කර එය චන්ඩි වැඩක් ලෙසින් සමාජ ගත කිරීම රටේ අභග්‍යකි. නුදුරු අනාගතයේ රට බාර ගැනීමට ඉන්නා දරුවන්ට වැරදි ආදර්ශයක්ද මින් ලැබෙන නිසා ගුරුවරුන් ගැන තිබෙන ගෞරවයද හැල්ලු වනු ඇත.

:       0       148

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site