IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගුරුවරියගේ නින්ද දැක්කාම සොරකමත් අමතක වෙලා

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


මධ්‍යම රාත්‍රියේදී සොරකමක් සඳහා නිවෙසකට ඇතුළු වූ පුද්ගලයකුට රූමත් ගුරුවරියක නිදා සිටින අයුරු දැක ඒ දෙස බලා සිටියදී ගුරුවරිය  අවදි වී කෑ ගැසීමත් සමඟ සොරකම ද වැරදී පලාගිය පුවතක් මිල්ලනිය පොලිසියෙන් වාර්තාවේ.
මිල්ලනිය පොලිස් වසමට අයත් ගම් ප්‍රදේශයක අඹු සැමි යුවළක් පෙරේදා 19 වැනිදා රාත්‍රි  ඉන්දියා - ඕස්ට්‍රේලියා අවසන් ක්‍රිකට් තරගය නරඹා  දරු දෙදෙනා සමග රාත්‍රි 11.30 ට පමණ නිවෙසේ ඉදිරිපස  කාමරයේ නින්දට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඔවුන් කාමරයේ විදුලි බල්බ නිවා සාලයේ විදුලි බල්බයක් දල්වා කාමරේ දොර රෙද්ද ඈත්කර එහි විදුලි එළිය කාමරයට වැටෙන පරිදි සකස් කර තිබීම පුරුද්දක් කරගෙන  තිබී ඇත.
අලු‍යම 2.30 පමණ ගුරුවරිය හිටිහැටියේ අවදි වී ඇති අතර ඇය අවදිව කාමරේ ඇඳ මත හිඳ සාලයේ දෙස බැලීමේදී කාමරය දෙස බලාගෙන  යම් පුද්ගලයකු බිම නිදාගෙන සිටින අයුරු දැක්කේය. 
සිය සැමියා ඇඳ මත සිටිනවාදැයි පරීක්ෂා කර බැලීමේදී සැමියා එහි සිටිනු දැකීමත් සමගම ඇය බිය වී යටිගිරියෙන් කෑ ගසා ඇතැයි පොලිසිය කියයි.
ඒ සමගම බිම නිදා සිටි පුද්ගලයා අවදි වී මුළුතැන්ගෙය දෙසට දිව ගොස් අතුරුදන් වී ඇති අතර නිදා සිටි සැමියා හා දරු දෙදෙනා ද   ඒ සමගම අවදි වී ඇතැයි පොලිසිය කියයි. 
අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී නිවෙස තුළට පැමිණි පුද්ගලයා පලාගොස්  ඇත්තේ මුළුතැන්ගෙයි ජල කරාමය අසල තිබෙන කුඩා ජනේලයෙන් බවට අනාවරණය වී ඇත.
අඹු සැමි යුවළ තමන්ගේ රන් භාණ්ඩ සහ ජංගම දුරකථන හා අනෙකුත් වටිනා දේපළ සොරාගෙන ගොස් ඇත්දැයි සොයා සිදුකළ පරීක්ෂාවේදී ඒවා ඒ අයුරින්ම තිබී ඇති අතර මුදල් පසුම්බියේ තිබූ රුපියල් 1800/= මුදලක් පමණක් පැමිණි පුද්ගලයා  සොරා  ගෙන ඇති බවට තහවුරු කරගෙන ඇත.
නිදා සිටි ගුරුවරිය දෙස බලා සොරකම සඳහා පැමිණි පුද්ගලයාට නින්ද යාම හේතුවෙන්  සිදුවීමට ගිය විශාල හොරකමක් වැළකී ඇතැයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

ගුරුවරියගේ නින්ද දැක්කාම සොරකමත් අමතක වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site