IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා

(ඇහැලියගොඩ රාමචන්ද්‍ර ගුණසේකර)
හෙල්මට් නොමැතිව යතුරුපැදියක පිටුපස අසුණේ ගමන් කළ අයෙකුගේ උප්පර වැට්ටියකට හසු වී පොලිස්  නිලධාරියෙකු නිරුත්තර වීමේ පුවතකි මේ.


 තම මව රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන හෙයින් ඇයට  අවශ්‍ය දිවා ආහාරය සහ අත්‍යාවශ්‍ය ඔසුවක් රැගෙන තරුණයකු යතුරුපැදියෙන් රෝහලට යද්දී බස් නැවතුම් පොළක තමන්ට ගණිතය ඉගැන්වූ ගුරුවරයා  සිටිනු දැක යතුරුපැදිය නතර කළ තරුණයා ගුරුවරුයා යතුරුපැදියේ පිටුපස හිඳුවාගෙන ඉදිරියට ගමන් කළේය. ගුරුවරයා ගමන්ගත්තේ හෙල්මට් නොමැතිවය.


 පෙර මඟ වංගුවකදී පොලිස් නිලධාරීන් වාහන  පරීක්‍ෂාවේ යෙදෙමින් සිටි අතර යතුරුපැදියේ පිටුපස හෙල්මට් නොමැතිව සිටි ගුරුවරයා දැක යතුරු පැදිය නතර කළ පොලිසිය ඒවනවිට නවතා තිබු වාහන යතුරුපැදිවල දඩ කොළ ලියමින්, ලියවිලි පරීක්‍ෂා කරමින් සිටියේය.


තමා කළ වරද නිසා ගෝලයා අමාරුවේ වැටෙන්නට යන බව දත් ගුරුවරයා පොලිස් නිලධාරියා වෙත ගොස් බැගෑපත්ව “සර් මේ ළමයාගේ අම්මා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ නතර කර ඇති නිසා අම්මාට ආහාර හා අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේම ගෙනියන්න වෙලා. ඒ නිසා ළමයාට  අම්මාගේ බත් එකයි බෙහෙතයි දීලා ආපසු එන්න කියමු. ළමයා එනතුරු මම මෙතන ඉන්නම්.” කීවේය. පොලිස් නිලධාරියාද කෑමපාර්සලය බෙහෙත් කවරය පරීක්‍ෂා කර ඒවා භාරදී එන ලෙස නියම කළේය.


 මේ අතර නවතා තිබූ වාහන පරීක්‍ෂා කර අවසන් වී ගුරුවරයයා ළඟට පැමිණි පොලිස් නිලධාරියා “ඇයි  මහත්තයෝ හෙල්මට් නැතිව ආවේ. දඩයක් ලියන්නයි වෙන්නේ” යනුවෙන් පැවසුවේය. තවම යතුරුපැදිය පැමිණ නැත.


 “සාජන් මහත්තයෝ මම ආවේ පයින්”  කෝ මෙතන යතුරුපැදියක් තියනවයැ. මම යනවා. පයින් යන්නත් හෙල්මට් ඕනෑ දැයි සමච්චලයක් කළ ගණිත ගුරුවරයා පා ගමනින් ඉදිරියට ගියේය. 

 



අදහස් (2)

ගුරුවරයාගේ උප්පරවැට්ටියෙන් පොලිසියත් හොල්මන් වෙලා

ranasin Friday, 20 December 2019 03:22 AM

පොලිස් නිලධාරීන් අනුකම්පාව නිසාම ගුරා සහ ගෝලයා විශ්වාසයට ගෙන තියෙනවා. ඔවුන්ට වංචාවක් කිරීම උප්පර වැට්ටියක් නෙවෙයි අශිෂ්ඨ ක්‍රියාවක්...

:       0       23

kumarage Friday, 20 December 2019 05:31 PM

මේ මොන රටේද..? අපේ රටේ පොලිසියේ කෙනෙකුට ඔහොම කිව්වා නම් කනෙන් ඇඳන් ගිහින් කූඩුවට දාන්නේ ..

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site