IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෙයි දෝස අරින්න ඇවිත් දරු පවුලම උස්සන් පැනලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ගෙදර තිබෙන ග්‍රහ දෝෂය දුරු කරන්නට නිවෙසට පැමිණි දේවාලයක කට්ටඩියා බාල වයස්කාර දරු දෙදෙනා සමග ගිය පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. 


නීත්‍යානුකූලව විවාහ වී වසර 15 කට අධික කාලයක් යුග දිවියේ පසු වූ බිරියක නිවෙසේ සිදුකළ යුතු ශාන්තියක් සඳහා පැමිණි කට්ටඩියා සමග නිමේෂයක් තුළ සම්බන්ධතාවක් ඇති කරගෙන බාල වයස්කාර දියණියක හා පුතා ද කැටුව නිවෙසින් පලාගොස් ඇත. 


මෙම කට්ටඩියා ද විවාහක බිරියක හා දරුවන් සිටින පියෙකි. 


මෙම නිවෙස් හිමියා පවුලේ ආර්ථිකයේ ආදායම වැඩි කිරීම සඳහා කිරි එළ ගවයන් මිලදී ගෙන තම බිරියට රැක බලා ගන්නට බාර දී තිබෙන අතර නිවෙසේ තිබූ රන් ආභරණ හා කිරි ගවයන් තිදෙනාම විකුණා ඒවා ද මුදල් කරගෙන දරුවන් දෙදෙනාත් සමග සැමියා රාජකාරියේ නියැලී සිටින අතරවාරයේ පලා ගොස් ඇත.


නිවසේ කළ යුතුව තිබූ දෝෂයක් දුරු කිරීමට අවට ප්‍රදේශයක දේවාලයක කට්ටඩියා නිවෙසට ගෙනැවිත් සිදුකළ ශාන්තියක් හේතුවෙන් ඔවුන් අතරේ අනියම් සම්බන්ධතාවක් ඇතිවී තිබෙන බවට ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධව අදාළ පොලිසියට පැමිණිලිකර ඇත.


සැමියා කර තිබෙන පැමිණිල්ලට අනුව අනියම් සැමියා හා බිරිය ගෙනැවිත් පැමිණිල්ල විභාග කරන බවත් ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොවන ලෙසට ඔවුන්ගේ ආරක්ෂාව නීත්‍යානුකූල බාරකාරත්වයකට පත්කළ යුතු ආකාරය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ගෙයි දෝස අරින්න ඇවිත් දරු පවුලම උස්සන් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site