IMG-LOGO

ගමේ බඩු ‘‘කූරියර්’’ කර එවලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


පරණ ක්‍රමයටම නිෂ්පාදනය කරනු ලබන ගමේ බඩු අලු‍ත් ක්‍රමයට සිය මිතුරු තෙමේට සප්පායම් වීමට ලබාදුන් අම්බලන්ගොඩ අයකු පිළිබඳ අපූරු කතාවකි මේ.
එක වාඩියේ රැකියාව කළ මිතුරෝය. මල් පැන් පොදක් රහ බැලු‍වේත් එකටය. මේ දිනවල පැවති අයහපත් කාලගුණය නිසාම ඔවුනට තාවකාලිකව වාඩි ජීවිතයෙන් මිදී සිය නිවෙස්වල ගතකරන්න සිදුවිය.
ටිකක් දුර මිතුරෙක් අම්බලන්ගොඩ මිතුරකු සොයා එන්නේය. ඒ කාලයකින් එකට එකතුවී ඇඟ රත්කර ගැනීමට නොහැකිවීමත් මේ මිතුරාගේ මේ ගමනේ එක් අරමුණක්ය. දෙන්න දැන් කතාවට එන්නේ සෙට්වීම පිළිබඳවය. තොල ගාන්න මල් පැණි අම්බලන්ගොඩ නොතිබෙන කල්හි ඔවුනගේ ඊළඟ වෑයම රට හෝ ගමේ බඩු පිළිබඳවය. රැකියාවත් මේ දිනවල යහමින් නැති නිසා රට බඩු පිළිබඳව අදහස ඔවුහු අත් හැරියෝය. විකල්පය වූයේ ගමේ බඩුය.
මචං පොට් එකකට ගිහිල්ලා ගමේ බඩු ගේන්න යාම අවදානම්. පොලීසියට මාට්ටු වුණොත් පටි රෝල් යයි දුර මිතුරා කීවේය. එවිට අම්බලන්ගොඩ අපේ මිතුරාට අවේ සිනහවකි. අයියෝ දැන් ගමේ බඩු ගන්න පොට්වලට යන්න ඕන නැහැ. ඒවට අලු‍ත් ක්‍රම සහ විදි තියෙනවා යයි කියමින් අම්බලන්ගොඩ මිතුරා සිය ජංගම දුරකතනය අරගෙන ටිකක් එහාට ගියේය. ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගත්ත ඔහු මිතුරාත් සමග නිවස තුළට ගියේ ගමේ බඩු සප්පායම්වීමට කට ගැස්මක් හදා ගැනීමටය. නිවසේ ඒ අවස්ථාවේ තිබූ බිත්තර ගෙඩි දෙකක් ඔහු ඔම්ලට් දමා ගනිමින් සිටියේය.
ඒ සමගම ජැන්ඩියට හැඳ පැලඳගත් තරුණයකු යතුරු පැදියකින් ඔහුගේ නිවසට ආවේය. යතුරු පැදියේ කැබින් එකෙන් හොඳට ඔතන ලද පාර්සලයක් අම්බලන්ගොඩ මිතුරාට දුන්නේය. ඔහු ඊට මුදල් ගෙව්වේය. පාර්සලය ගෙන ආ තරුණයා ලදු පතක් වැනි කොළයක මිතුරාගෙන් අත්සනක් දමා යන්න ගියේය.
මචං කූරියර් සර්විස් එකෙන් කවුරු හරි පාර්සලයක් එව්වා දැයි දුර මිතුරා අම්බලන්ගොඩ මිතුරාගෙන් ඇසූවේය. අම්බලන්ගොඩ මිතුරාට ආ සිනහව නතර කර ගැනීමට නොහැකි විය. ආ ඔව්.. ඔව්.. කියමින් ඔහු එම පාර්සලය විවෘත කළේය. දුර මිතුරාට දෙවියන් බුදුන් සිහි වූයේ එහි තිබූ ගමේ බඩු පිර වූ බෝතලයක් දැකීමෙනි. ෂා මරු ක්‍රමයක්නේ. ගමේ බඩු පොට් එකකට නොගිහිල්ලා ඩිලිවරි ක්‍රමයට ගන්න පුළුවන් අලු‍ත් ක්‍රමය ගැන දුර මිතුරා සතුටු වූවේ හිමින් නොවේලු‍.



අදහස් (1)

ගමේ බඩු ‘‘කූරියර්’’ කර එවලා

ගුණරත්න Tuesday, 26 November 2024 09:42 PM

හරිම හොඳයි, ගමේ බඩු රස බලන්න ඕනෑ මේ විදියට...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site