IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගමේ නම පටලවාගෙන උත්සවයත් වරද්දාගෙන

උත්සවයකට සහභාගිවීමට ලැබුණු ආරාධනාවක් අනුව එහි යමින් සිටියදී ත්‍රීරෝද රථ රියැදුරා ගමේ නාමය වරදවා වටහා ගැනීම නිසා වෙනත් ගම්මානයකට ගොස් ගමේ පාරක් පාරක් ගානේ ඇවිද උත්සවය පැවැත්වෙන ස්ථානය සොයා ගත නොහැකිව ආපසු ගිය පුවතක් පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය.


සමාජ සේවයට ලැදි අයෙකුට උත්සවයකට ආරාධනාවක් ලැබිණි. ආරාධනා කරනු ලැබූයේ ඥාතියෙකි. “හරි මම සහභාගි වෙනවායි” පොරොන්දු වූ මෙම අය නියමිත දිනයේ ත්‍රිරෝද රියකට නැගී රියැදුරාට  උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ නම සඳහන් කොට  යමුයි කියා අසුනට වී නින්දට වැටුණේය.


ත්‍රිරෝද රියැදුරා සමාජ සේවකයා පැවසූ ගමට ගොස් එහි පන්සල අසලට ගොස් ‘මහත්තයා අපි කොහාට ද යන්නේ’ යි ඇසීය. නින්දෙන් ඇහැරුණු ඔහු පන්සල අසල සිටිනු දැක පන්සල ඉස්සරහ පාරේ යමුයි කීය. ටික දුරක් ගිය පසු ‘අපිට පාර වැරදුණා දැ’ යි ත්‍රිරෝද රථ රියැදුරුගෙන්  විමසීය. ‘නැහැ මහත්තයා කියූ ගමට ඇවිත් ඉන්නවා’ යි කීය.


පාර අයිනේ කඩයකින් උත්සවය පැවැත්වෙන ස්ථානය ගැන විමසුවත් එවැනි උත්සවයක් තම ගමේ නැති බව කඩ හිමියා කීය. සමාජ සේවකයා තම ඥාතියා ගැන විමසුවත් එවැනි අයෙකු ගමේ නැති බව දැන ගත් පසු තමන් පැමිණ ඇත්තේ වැරදි ගමකට බව තේරුම් ගෙන අපිට යන්න ඕනෑ මේ ප්‍රදේශයට නොව ඒ නමම තියෙන වෙනත් ගමක ප්‍රදේශයකට බව තේරුම් ගත්තේය.


‘දැන් වේලාවත් පැනලානේ අපි ගෙදර යමු’ කී සමාජ සේවකයා තම ඥාතියාට ඇමතුමක් දී සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව ඉල්ලුවේය.

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)



අදහස් (0)

ගමේ නම පටලවාගෙන උත්සවයත් වරද්දාගෙන

ජනහිත Tuesday, 14 February 2017 11:57 PM

ගමේ සමහරු පොඩි අඩියක් ගැහුවම තමන්ගේ ගෙදර කියලා වෙනත් ගෙවල් වලට යන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site