(වියලුව වාර්තාකරු)
සිය සොහොයුරියගේ සැමියාට කිසියම් පුද්ගලයකු පහර දීමට සූදානම් වන බව අසා ඔහුට ආරක්ෂාව සැපයීම සඳහා ගමේ මැරයකු ද සමග බීමතින් සිය සොහොයුරියගේ නිවසට ගිය දෙදෙනකු නිදි ඇඳේම මුත්‍රා පහකරමින් රැය පහන්වනතුරු මර නින්දේ පසුවූ බව කියවෙන පුවතක් වාර්තාවිය.
සිද්ධිය මෙසේය.
ඔහු සාමාන්‍ය නිලයක් දැරූ රාජ්‍ය සේවකයෙකි.
පසුගිය දිනෙක කිසියම් සිද්ධියක් නිසා උරණ වූ පුද්ගලයකු ඔහුට බැණ වැදුණේ පහරදෙන බවට ද තර්ජනය කරමිනි.
සිද්ධිය කන වැකුණු ඔහුගේ බිරිය ගමේ මැරයෙකු වූ තම වැඩිමහල් සොහොයුරාට කතා කළේ ඊට කිසියම් විසඳුමක් ලබා ගැනීමේ අටියෙනි.
එවැනි සිද්ධීන්වලට බෙහෙවින්ම රුචිකත්වයක් දැක්වූ ඔහු හෝරා කිහිපයක් ගත වෙද්දී තවත් සගයකු ද සමග සිය සොහොයුරියගේ නිවසට පැමිණියේ තම මස්සිනාට ජීවිත තර්ජන කළ පුද්ගලයා සොයා වනසා දමන බවට තර්ජනයක්ද කරමිනි.
ඒ වන වන විටත් නගරයේ තැබෑරුමෙන් සිය සගයාද සමග සප්පායම්ව පැමිණි හෙතෙම නිවසේ ඉදිරිපස කාමරයක වූ ඇඳක සිය සගයාද සමග වැතිරුණේ රෑ වෙලා ගේමක් දෙමු යැයි පුරාජේරුවක් ද ඇද බාමිනි.
තම ආරක්ෂාවට පැමිණි සිය බිරියගේ සහෝදරයා හා ආවතේවකරුට රාත්‍රී ආහාර ගැනීම සඳහා ආරධනා කිරීමට ගිය ගෙහිමියාට දැකගන්නට ලැබුණේ ඒ වන විටත් ඇඳ පුරා පමණක් නොව ගෙබිමේ ද මුත්‍රා පහ කරමින් ඔවුන් දෙදෙනා මර නින්දේ පසුවන අයුරුය.
කරන්නට වෙනත් යමක් නොමැතිව බොහෝ අමාරුවෙන් රැය පහන්වන තුරු බලා සිටි ගෙහිමියා පසුදින උදෑසනින්ම සිය රැකියාව සඳහා පිටව ගොස් ඇත්තේ “දැන් ඉතින් වතුර ටිකක් නාගෙන දෙන්නා ගෙදර යන්නැයි” යි තම මැර මස්සිනාට හා සගයාට පවසමිනි.
අවසානයේ සිය සැමියාගේ ආරක්ෂාවට ගෙන්වූ සහෝදරයාගේත් ඔහුගේ ආවතේවකරුගේත් මුත්‍රාවලින් අපවිත්‍ර තිබූ කාමරය වරුවක් තිස්සේ සෝදන්නට බිරියට සිදු වූයේ සවස නිවසට එන තම සැමියාට තමුන් මුහුණ දෙන්නේ කෙසේදැයි පවසමිනි.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගේමක් දෙන්න ආ මැර මස්සිනා රැයක් පුරා මර නින්දකට වැටිලා