(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නාඳුනන අයකු හෝ පිරිසක් විසින් මළගෙදර එල්ලා තිබූ අපභ්‍රංස ශෝක පණිවුඩ බැනරයක් නිසා මළගමට දුරබැහැරින් පැමිණි අය අන්දමන්ද වූ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබිණි.
හේ තිදරු පියෙකි. දරුවන් තිදෙනාම දියණියෝය. විවාහකය. ඔවුන් තිදෙනාම කසාද බැඳ සිටියේ පදිංචි පළාතෙන් නොව දුර බැහැර පළාත්වලිනි. ඒ පියාගේ රැකියාව නිසාය.
පියා හදිසියේ මියගියේය. ඔහුගේ මළගමට දියණියන් විවාහ වී තිබූ පළාත්වලින් පිරිස් පැමිණියහ. එසේ පැමිණි පිරිසට ගමේ සමිති සමාගම්වලින් දමන ලද ශෝකාලාප පණිවුඩ රැගත් බැනර්ද දැක ගන්නට ලැබුණහ. “ජීවිතය නම් තණ අග පිණි බිඳු වැනිය” “ජීවිතං අනියතං, මරණං නියතං”, “උපන් සැවොම මියයති.,” “නොමැරෙන කෙනෙක් ලොව නැත” මේ ආදී වශයෙන් ශෝකාලාප බැනර් මේ මළගෙදර ද එල්ලා තිබුණි.
ඒ අතර මින් පෙර කවදාවත්ම කොහේවත්ම නොදුටු ශෝකාලාප බැනරයක් වෙත පිට පළාත්වලින් පැමිණි අයගේ නෙත් ගැටුනහ. ඒ නිරායාසයෙන්මය. එහි තිබුණේ “ගොබළු හඬයි ඔබ නිහඬයි” යන්නය. මේ ශෝකාලාප බැනරය පිට පළාත්වලින් පැමිණි අය අතර දැඩි කතාබහට ලක්විය. මෙහි මොනම තේරුමක්වත් ඔවුනට තේරුම් ගන්නට තියා සිතාගැනීමටවත් නොහැකි විය. ඒ තරමටම මේ ශෝකාලාප බැනරය ඔවුනට අපභ්රංසයක්ම වී තිබුණි. අවසානයේදී තමන්ට නොතේරුණු මේ අපභ්‍රංස බැරයේ තේරුම මේ පුද්ගලයා ගැන දන්නා ගමේ අයගෙන් අසා දැනගැනීමට ඔවුහු තීරණය කළහ.
ආ මේ ගමේ කාගේ හරි නැහැදිච්ච එකකුගේ වැඩක්. මෙයා කරන්නේ පොල්ගස් යන එකයි. ගමේ ප්‍රසිද්ධියක් තියෙනවා මෙයා පැහිච්චි පොල් ඊළඟ දවසේ කඩන්න තියාගෙන ලා පොල් මුලින්ම කඩන කෙනෙක් කියලා.
සමහරවිට ඒකට වෙන්න ඇති ඔය බැනර් එක ගහන්න ඇත්තේ. අපිත් හොයනවා මේ බැනර් එක ගහපු අයව යයි ගැමියාගෙන් ඇසූ ඔවුනට ලැබුණු පිළිතුර අනුව මළගෙයක් වුවත් ඔවුනට කටට ආ සිනහව නතර කරගැනීමට නොහැකිවුණාලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගොබළු හඬයි- ඔබ නිහඬයි බැනරයෙන් මළ ගෙදර අලකලංචියක්