IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගාන වැඩිවෙන්න කලින් පෙට්‍රල් ලීටර් තුන 9,000 ට විකුණලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
විදේශ ගතව සිට පැමිණ ත්‍රිරෝද රථයකින් නිවස බලා යමින් සිටිය දී ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීම නිසා රුපියල් 9000 ක් ගෙවා ඉන්ධන ලීටර් 3ක් මිලට ගැනීමට සිදුවීමේ පුවතක් කෑගල්ලෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


මෙය සිදුවුණේ ඉකුත් 21 වැනිදාය.


මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක් මීට වසර තුනකට පමණ ඉහතදී කුවේට් රාජ්‍යයේ රැකියාවකට පිටත්ව ගොස් තිබුණි. මෙම කාන්තාවට පිරිමි දරුවන්ම තිදෙනෙක් සිටින ස්වාමි පුරුෂයා හැර ගිය පසුව දරුවන් තිදෙනා මවට දී විදේශ ගත වී තිබුණි.
කාන්තාව වසර තුනක් ගෘහ සේවය කර යළි ඉකුත් 21දා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන බව වැඩිමහල් පිරිමි දරුවාට දන්වා තිබුණි. පසුව වැඩිමහල් පිරිමි දරුවා නියමිත දින සවස මහනුවර කටුගස්තොට නිවසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යාමට පිටත්ව තිබුණි. සවස ගුවන් තොටුපොළට ගොස් ඇති තරුණයා 22 වැනිදා දිවයිනට පැමිණ සිටි මවද ගෙන ආපසු මහනුවර කටුගස්තොට සිය නිවස බලා  යමින් සිටියේය. ත්‍රිරෝද රථයේ ඉන්ධන අවසන් වීගෙන යන බව දැනගත් තරුණයා ඒ බව සිය මවට ද කීවේය. කටුනායක සිට මහනුවර බලා යමින් සිටි පුතා සහ මව මාර්ගය දෙපස හමුවන සෑම පිරවුම්පොළකම ත්‍රිරෝද රථය නැවැත්වුවත් කිසිම තැනක ඉන්ධන නොවීය.


මෙසේ ඉදිරියට යද්දී කෑගල්ල නගරයට ආසන්නයේ දී ත්‍රිරෝද රථය මාර්ගය මැද නතර විය. දෙදෙනා එය මාර්ගය අයිනයට කළහ.  මව ත්‍රිරෝද රථයේ අසුන් ගත්තාය. තරුණයා මාර්ගයේ එහාට මෙහාට ගමන් කරමින් සිටින අවස්ථාවේ දී පුද්ගලයෙක් පැමිණ මොනවා ද මල්ලී සොයන්නේ යැයි විමසුවේය. පෙට්රල් ඉවරවෙලා පාර මැද්දේ නැවතුණානෙ. පුළුවන්කමක්  තියෙනවා නම් තෙල් ලීටර් දෙක තුනක් හොයලා දෙන්න අයියා කියන ගාණක් මම දෙන්නම් යැයි තරුණයා කීය.


‘‘මල්ලී මම උඹට තෙල් ලීටර් තුනක් හොයලා දෙනවා ලීටර් තුනට රුපියල් 7000 ගන්නවා හොයලා දෙන මටත් අඩුම ගානේ රුපියල් 2000 වත් ඕනෑ.’’ 


හා අයියේ කමක් නෑ පුළුවන් නම් තෙල් ලීටර් තුනක් ගෙනත් දෙන්න යැයි තරුණායා කීය. 
පසුව ඔහු තෙල් ලීටර් තුනක් තරුණයාට ගෙනත් දුන් අතර තරුණයා මවගෙන් රුපියල් 9000 ක මුදලක් ඉල්ලා ඔහුට දුන්නේය.



අදහස් (0)

ගාන වැඩිවෙන්න කලින් පෙට්‍රල් ලීටර් තුන 9,000 ට විකුණලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 77 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site