කොළඹට නුදුරු නගරබද පෙදෙසක මැදිවියේ පසුවන යුවළකි. දරුවන් විවාහ කර දීමෙන් පසු වෙනමම නිවෙසක කල් ගෙවු දෙන්නා දෙමහල්ලන් අතර අඬ දබර බොහෝ විය.
කම්මැලි ගතියෙන් යුත් සැමියාට දාසියක මෙන් බිරිඳ ආවතේව කළද කොතැනින් හෝ ආරෝවක් අල්ලා ගැනීම ඔහු පුරුද්දක් කොට ගත්තේය. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන බිරිඳ සිය සැමියා අතැර යන්නට ගියේ ආගිය අතක් සොයාගත නොහැකිවන ලෙසය.

බිරිඳ සොයා ගැනීමට දස අතේ දුවමින් සාස්තර පවා බැලූ සැමියා සිය ඥාති පුත්‍රයෙකු සිය නිවෙසට කැඳවා ගත්තේ නිවෙස තුළ තනිවම විසීම සිත් වේදනාවක් වූ නිසාය.
ඥාති පුත්‍රයා මත්කුඩට ඇබ්බැහි වූ තරුණයකු වූ අතර කුඩු පැකට්ටුවට මුදල් ලබාදීමද මාමා නොපිරිහෙලා ඉටු කළේය. බිරිඳ ගිය දුකට ඔහු හවසට සූර්වීමටද හුරු වූ අතර දිනක් සුර් වූ අවස්ථාවක ඥාති පුත්‍රයා අමතා සිය බිරිඳ ගිය පසු නිවෙසේ ඇති කිසිදු බඩුවක් දැන් තමාට වැඩක් නැතැයි අඬමින් පැවසීය.
බැලු බැලු අත බිරිඳගේ මතකය ඇති බවත් පවසමින් පෙරදින රැයේ සුර්පිට නිදාගත් සැමියා පසුදින අවදි වූයේ මදක් පමා විය. තලගොයා පොළොවේ ගැහුවාක් මෙන් නිදා සිටි ඔහු හුන් තැනම හිඳ වටපිට බැලු අතර තමා සිටින්නේ කොහේදැයි ඔහුට සිතාගත නොහැකි විය.
දනිපනිගා නැගිටගත් ඔහුට තමා සිටින්නේ තමාගේම නිවසතුළ බව සිතා ගන්නට වැඩි වෙලාවක් ගත නොවීය. ගෙයි වටිනාබඩු මුට්ටු කිසිවක් දක්නට නොවු අතර ඥාති පුත්‍රයාද දක්නට නොවීය.
තරහෙන් වෙව්ලන්නට වූ ඔහු පොලිසියට කරනු ලැබු පැමිණිල්ලකට අනුව ඥාති පුත්‍රයා පොලිසියට බාර වූයේය.
අධිකරණය හමුවට කැඳවූ තරුණයාගෙන් අදාළ බඩු බාහිරාදිය සොරා ගත්තේද යන්න නීතිඥවරු විමසා සිටියහ.
“ස්වාමිනි මේ පැමිණිලි පාර්ශ්වය මගේ මාමා, නැන්දා ගෙදරින් ගිය නිසා ඔහු පසු වුයේ දුකෙන් ඒ නිසාම නැන්දා නැති ගෙදර බඩු මුට්ටු කිසිවක් ඔහුට වැඩක් නැති බව ඔහු අඬමින් මට කීවා. බඩු මුට්ටු දකින විට මාමාට නැන්දව මතක් වෙනවා. වැළපෙමින් කී නිසා මම ලොරියක් ගෙනැල්ලා උදෑසනම බඩු ටික ගෙනිහින් විකුණනවා යැයි පැවසීය.
බඩු ගෙනයන බව සුර් පිට දවල්වන තුරු නිදාගත් මාමා නොදුටු බවත් තමා බඩු රැගෙන ගියේ මහා රෑ දොර ජනෙල් කඩා හොරෙන් නොවන බවත් සඳහන් කළ ඔහු තමා බඩු අදිනවා වටපිට අයද දුටු බව පැවසීය.
තමා එසේ නිවසේ බඩු වැඩක් නැති බව ඥාති පුත්‍රයාට පැවසුවේද යන්න අධිකරණය සැමියාගෙන් විමසා සිටි අතර එවිට ඔහු කියා සිටියේ එය නිකමට වාගේ කී කතාවක් බවයි.
(මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
917
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගෑනි පැනලා ගියාම මිනිහට බඩු මුට්ටුත් එපාවෙලා