(හසලක වාර්තාකරු)
වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වාගේ දෙයක් හසලක ප්‍රදේශයේ තරුණයකුට මුහුණ පාන්නට සිදුවූයේ කාන්තා ආරවුලක් බේරන්නට ගොස් ඔහු සැමියකුගේ ගුටි පූජාවකට මැදි වූ හෙයිනි.
මෙදින ඉරිදා දිනයකි. 28 හැවිරිදි වියේ පසුවූ ඔහු මෙදින කිසියම් අවශ්‍යතාවකට සිය යතුරුපැදියෙන් ගමනක් යමින් සිටියේය. එය පටු තරමක් පිටිසර මාර්ගයකි. ඔහු යන මාර්ගයේ ඉදිරියෙන් කාන්තාවන් දෙදෙනකු එක් තරුණ කාන්තාවකට පහරදෙන අයුරු ඔහුට දැක ගත හැකිවිය. එම ස්ථානයට ගිය ඔහු යතුරුපැදිය එම ස්ථානයේ නතර කරනවාත් සමගම පහර කෑමට ලක් වූ තරුණ කාන්තාව ඔහු අසලට දිව විත් මේ දෙන්නා තමන්ට පහර දෙන බවත් ඔවුන්ගෙන් තමන් බේරා ගන්නා ලෙසත් අඬමින් පැවසුවාය.
ඔහු අසලට පැමිණි අනෙක් කාන්තාවන් දෙදෙනා නැවත ඇයට බැණ වදිමින් නැවතත් පහර දෙන්නට සූදානම් වන විට ඔහු යතුරු පැදියෙන් බැස එය වළක්වා සිද්ධියට හේතුව ඔවුන් දෙදෙනාගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන් දෙන්නා නොකී කතාවක් ඇය තැන තැන ගොස් පැවසීම නිසා අසල්වැසි කාන්තාවන් කීප දෙනකු තමන් සමඟ අමනාපයක් ඇති කරගෙන තිබෙන බවයි.
අද දින තමන් ගමේ කඩයට යන විට තරුණ කත පාරේදී මුණ ගැසුණු බවත් එය විමසීමේදී ඇය පහර දෙන්නට වූයෙන් තමන්ද ඇයට පහර දුන් බව ඔවුන් පැවසීය. මෙවැනි හැසිරිම්වලින් තමුන්ගේ දරුවන්ටත් සැමියන්ටත් පාරේ බැහැලා යන්න බැරි වෙන තත්ත්වයක් උදාවෙන බවත් හිරේ විලංගුවේ වැටීමට පවා මේ කාරණා දුර දිග යන බවත් කියා ඔහු ඔවුන් තිදෙනාටම අවවාද කර යතුරුපැදියේ නැගී යන්නට සූදානම් වෙන විට පහර කෑමට ලක්ව දැඩි අපහසුවෙන් පසු වූ තරුණ කත ඔහුගෙන් ඉල්ලා සිටියේ තමන් නිවසට ගොස් ඇරලවා යන ලෙසයි.
එම ඉල්ලීම මත ඇය යතුරුපැදියේ නංවාගෙන ඇගේ නිවෙස කරා යන ගමනේදී (මීටර් 300 ක් පමණ යන විට) ඉදිරියෙන් උදැල්ලක්ද කර මත තබාගෙන ඇගේ තරුණ සැමියා පාරේ ඔවුන් ඉදිරියට එනු දැක ඇය පැවසුවේ තම සැමියා ඉදිරියෙන් එන බවත් යතුරුපැදිය නතර කරන ලෙසත්ය.
ඇගේ ඉල්ලීම මත ඔහු අසල යතුරුපැදිය නතර කරනවාත් සමඟම තරුණ කත යතුරුපැදියෙන් වහා බැස හඬා වැටෙමින් සැමියා අසලට දිවගියාය. ඒ වෙන විටත් ඇයගේ හිස කෙස් අවුල්වී ඇඳ සිටි හැට්ටයේද කොටසක් ඉරී ගොස් තිබිණි.
මෙයින් කලබලයට පත් සැමියා සිතුවේ මේ තරුණයා තම බිරියට කිසියම් කරදරයක් කරන්නට ඇතැයි කියාය. ඒ සිතුවිල්ල මත බිරිය පසෙකට තල්ලුකර දමා කරේ තිබූ උදැල්ල පසෙකට විසිකර යතුරු පැදි කරු කරා වහා දිව විත් ‘මොකද්ද මේ කරපු කැත වැඩේ. මම ඉතුරු කරන්නේ නෑ’ යැයි කියමින් යතුරුපැදිය මත සිටි තරුණයාට පහර පිට පහර දෙන්නට විය.
මේ සිද්ධිය දුටු තරුණිය වහා සැමියා කරා දිව විත් ඔහුගේ අතේ එල්ලී ඔහුට පහර නොදෙන ලෙසත් තමන් කරදරයකට පත්වී සිටියදී මේ අයියා තමන් බේරාගෙන ආ වගත් පැවසුවාය.
එවිට පහර දීම නතරකර මොකද්ද සිද්ධිය යැයි ඇයගෙන් විමසූ විට ඇය සියලු තතු සැමියාට පැවසූ පසු ‘අනේ බුදු මහත්තයෝ මට සමාවෙන්න. මම කලබල වුණා වැඩියි. මට මෙයාගේ කෑ ගැසීමයි මෙයාගේ විලාසයයි දැක්කම මට හිතුණේ මහත්තයා මෙයාට යම් කරදරයක් කරන්නට ඇති කියලයි. අනේ මට සමාවෙන්න’ කියා දෑත එක්කොට තරුණයාට වඳින්නට සූදානම් වෙනවාත් සමඟම තරුණයා තම යතුරුපැදිය පණ ගන්වා යන්නට ආ ගමනත් පසෙක තබා නැවත නිවස බලා ගියේ පහරකෑමෙන් ඇති වූ වේදනාවද යටපත් කර ගනිමිනි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ගෑනු ගෝරියක් ලිහන්න ගිහින් අහක තිබූ තොප්පියක් වැටිලා