(මාවතගම කාන්චන මාලා බණ්ඩාර)
කොණ්ඩාවලු පටලවා ගෙන දබර කර ගත් කාන්තාවන් දෙදෙනාගේ පැමිණිලි විභාග කරමින් සිටි පොලිස් පරීක්ෂකගේ දුරකතනය සොරා ගෙන යාමට තැත් කළ කාන්තාවක ගැන පොලිසියෙන් ඇසුණු කතාවකි මේ.
මාවතගම ප්‍රදේශයේ එක් ගමක කාන්තාවන් දෙදෙනකු දබර කරගෙන එක් කාන්තාවක් ඒ ගැන පොලිසියට පැමිණිලි කර තිබිණි.
දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා ඒ පිළිබඳ විභාගය පැවැත්වුණි. කාන්තාවන්ගේ දබරය ගැන දෙදෙනාටම අවවාද කරමින් පරීක්ෂණ නිමා කළ පොලිස් පරීක්ෂකවරයා වෙනත් අවශ්‍යතාවකට තම මේසය මත වූ ජංගම දුරකථනය සෙවීය. එය සොයා බැලූමුත් නොමැති තැන සහෝදර නිලධාරියකු ලවා තම දුරකථනයට ඇමතුමක් ලබා ගත්තේය. පරීක්ෂණ අවසන් වී පොලිසියෙන් පිටව යමින් සිටි කාන්තාවකගේ සහායට පැමිණ සිටි ඇගේ මවගේ බෑගය තුළින් අතුරුදන් වූ දුරකථනය නාද වනු ඇසිණි.
පොලිස් පරීක්ෂකවරයාට බෑගය පරීක්ෂා කිරීමේදී ඒ තම දුරකථනය බව දැකගත හැකි විය. කාන්තාවන් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටිනු දැකගත හැකිවිය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෑනු ගුටි කෙළියක් විභාගයට ආ රාලහාමිගේ දුරකතනය කතකගේ බෑගයෙන් නාද වෙයි
leel gunawardena Thursday, 27 December 2018 06:38 PM
අනේ අම්මේ මේවා අහන්නත් ලැජ්ජයි....
leel gunawardena Thursday, 27 December 2018 06:38 PM
අනේ අම්මේ මේවා අහන්නත් ලැජ්ජයි '