අනියම් ඇසුරක් පවත්වන විවාහක සැමියාට තම බිරිඳගෙන් එය නතර කරන ලෙසට අපූරු අවවාදයක් දීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
විවාහක යුවළට දාව දරුවන් දෙදෙනකු සිටින අතර විවාහ වූ ඔවුන්ට ද දරු මල්ලෝ සිටිති.
මේ දෙදෙනා පමණක් නිවසේ එකට වාසය කරන අතර සැමියා විවාහක වෙනත් කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වන බව බිරිඳට මෙන්ම පවුලේ අයට ද රහසක් නොවීය.
මෙය නවත්වන ලෙසට බිරිඳ හා තම දරුවන් කොතෙක් ආයාචනා කළත් ඔහු එයට අවනත වන බවක් දක්නට නොවීය.
මේ නිසා තම බිරිඳ දරුවන් හා පවුලේ වැඩිහිටියන් කැඳවා සැමියා කරන මේ අකටයුත්ත ප්‍රසිද්ධියේ විභාග කරන්නට ගත්තේ එහිදී හෝ ඔහු එය නතර කරාවි, යන සිතුවිල්ල පෙරදැරි කරගෙනය. සිද්ධිය විභාග වන අතරවාරයේ සැමියා කට හඬ අවදි කළේය.
මම අද මෙහෙම අනියම් ඇසුරක් පවත්වන්නේ මගේ දරුවන් විවාහක නිසයි. දරුවන් කුඩා කාලයේදීම මගේ බිරිඳ පවුලේම කෙනකු සමග අනියම් ඇසුරක් පැවැත්වීම වරදක් නොවේදැයි ඔහු ප්‍රශ්න කළේය.
එම පැනයට තම බිරිඳ පිළිතුරු දුන්නේ මෙලෙසිනි.
“මම ඒ කාලේ අනියම් ඇසුරක් පවත්වද්දි තමුසෙත් අල්ලපු ගමක කාන්තාවක එක්ක සම්බන්ධතාවක් පැවැත්තුවා නේද? ඉතිං මං කරපු වරදට ඒ වරද කැපුණා. එතැනින් ඒවා ඉවරයිනේ.
‘ඒනිසා මං දැන් වරදේ බැඳෙන්නේ නැහැනේ. ඒ හින්දා ඔයත් දැන් ඒ වැරදි කරන්න එපා. ඔයාගේ වැරැද්දට මාගේ වැරැද්ද හිලව්. එසේ නොකරන බවට තම දරු මුණුපුරන් හා පවුලේ අය ඉදිරියේ පොරොන්දු වන්න කියා ඇය සැමියාගෙන් ඉල්ලීමක් කළාය.
මව්පියන්ගෙන් අපිට අසන්නට ලැබෙන දේවල් කියා දරුවන් එහිදී පවසා නික්ම යන අවස්ථාවේ දී තම පියා ද සිනා සී ඒ දෙස බලා නිහඩව සිටියා හැරෙන්නට තම අම්මාගේ ආයාචනයට කිසිදු පිළිතුරක් නම් දී නැතිලු.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගෑනියි-මිනිහයි දෙන්නා හිලව්වට හොර මඟුලෙ ගිහින්
kriss Saturday, 26 October 2019 09:14 AM
දරුවන් ඉදිරියේ මරු ආදර්ශයක්නේ දෙන්නේ... නාකි සමයං... !
lalithm Monday, 28 October 2019 03:09 AM
සමයන් කීවට බොහෝ අයගේ ඇතුළාන්තය මේක තමයි. බුදු සරණයි කියා යටි හිතින් හෙන ගහපන් කියලයි කියන්නේ. ඕවා හොඳට බලන්න නම් උදේ, සවස කාර්යාල කෝච්චියේ ටික දවසක් ගිහින් විමසිල්ලෙන් බලාඉන්න. වැඩිපුර ඉන්නේ හොර උපාසකයින් උපාසිකාවන්...
sampath Monday, 28 October 2019 08:23 AM
නාකි කියල ඒ අය පැත්තකට කරලා තියන්න බැහැ මේකේ ලොකු වරදක් මම නම් දකින්නේ නැහැ බිරිදගෙන් යුතුකම් ඉෂ්ඨ නොවෙනකොට එය ලැබෙන තැනට යාම සමන්‍ය ස්භාවයක් අපි වගේ තුන් වන ලෝකේ රටකට ඕක මහා අවුලක් වුණාට මේවා සාමාන්‍ය දේවල්
PrasannaMonday, 28 October 2019 03:48 PM
සම්පත්, මම ඉන්නේ ඇමෙරිකාවේ... මෙහෙට වඩා අනියම් විවාහයන් ලංකාවේ ගොඩක් වැඩියි. මමත් මෙහෙ එන්න කලින් ඔයා වගේ හිතුවා. තරහ වෙන්න එපා නමුත් ඇත්ත එයයි.
තුශා Monday, 28 October 2019 01:50 PM
සම්පත්, අප ජීවත්වන සමාජයේ අපටම අනන්‍ය වූ සංස්කෘතියක් තිබෙන පසුබිමකයි අප ජීවත් වෙන්නෙ. තම තමාගේ අතිශය පෞද්ගලික දේවල් දරුවන් ඉදිරිපිටදී කියවමින් රණ්ඩු දබර වෙන විට, දරුවන්ට මෙවන් දෙමාපියන් දෙන ආදර්ශය කුමක්ද? බටහිර රටවල මෙවැනි දේවල් සාමාන්‍ය දේවල් උනාට, අපිත් ඒවා අනුකරණය කල යුතුද? තමන් අනෙකාගෙන් තෘප්තිමත් නැත්නම්, අනෙකුත් අයට අවමානයක් නොවී සුදුසු පිළිවෙළක් තෝරා බේරා ගැනීමට වැඩිහිටියන්ට පුළුවන්කම තිබිය යුතුය.