IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගනුදෙනුකරුවන්ගේ වදෙන් බේරෙන්න මුදලාලි ‘නිරෝධායන’ පුවරුවක් ගහගෙන

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගනුදෙනුකරුවන්ගේ ඉවක් බවක් නැති කරදරයෙන් බේරෙන්නට තමන් නිරෝධායනය වන බව සඳහන් පුවරුවක් ව්‍යාපාරික ස්ථානයේ සවි කර නිවසට වී කල්ගත කළ ප්‍රමුඛ පෙළේ කාර්මිකයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


කොරෝනා උවදුර වැඩිවීමත් සමග තම ආයතනයට එන අය පාලනය කිරීම සම්බන්ධයෙන් මහත් ගැටලුවකට මුහුණ පාන්නට වීම නිසා මේ කාර්මිකයා දින දෙක තුනක් ව්‍යාපාරික ස්ථානය වසා නිවසට වී කල් ගත කරන්නට තීරණය කරන ලද්දේ තම දරුවන්ගේ ආරක්ෂාව සැලසීම අරමුණු කර ගනිමිනි.


පළමු දිනය හෝ ඔහුට නිවසේ නිවිහැනහිල්ලේ ගත කරන්නට අවස්ථාව ලැබුණේ නැත. ව්‍යාපාරික ස්ථානය වසා ඇති නිසා සේවාලාභීන් නිවසට පැමිණෙන්නට වීමෙන් ඔහුගේ සිතුවිලි බිඳ වැටිණි. ඔහුගේ මවගෙන්ද මේ ගැන එල්ලවූයේ තදබල විරෝධයකි.
ඔහු වහාම ව්‍යාපාරික ස්ථානය කරා ගියේය. දොරගුළු සියල්ල නිසි පරිදි වසා ඇද්දැයි පරීක්ෂා කර බැලුවේය. ගේට්ටුව වසා දමා එහි දැන්වීමක් එල්ලුවේය. ‘‘මම නිරෝධායනයට ලක්වෙමි’’ ඔහුගේ දැන්වීමේ සටහන්ව තිබිණි. ජයග්‍රාහී සිනහවකින් යුතුව නිවස කරා ගියේය.


දිනක් දෙකක් ගතවිය. කිසිවකු හෝ නිවසට පැමිණ කරදර කළේ නැත. ඔහු ජය ගත්තේය. කොස් පොලොස් කමින් හෝ සතියක් දෙකක් මෙසේ නිවසට වී ආරක්ෂිතව කල් ගත කරන්නට තමන් තීරණය කර ඇතැයි ද දන්නා අය මෙන්ම නොදන්නා පුද්ගලයන්ද තම සේවය ලබා ගැනීමට පැමිණෙන බවත් එය ඉතා භයානක බවත් මේ තත්ත්වය නිසා මේ පියවර ගත් බව ඔහු හිතවතකු හා පැවසුවේ මේ අවස්ථාවේ වෙන කළ හැකි දෙයක් නැති බව සිහිපත් කරමිනි.


තමන් ආරක්ෂාව උදෙසා බොරුවක් කළ නමුත් තමන්ගේ තත්ත්වය ගැන විමසා බලන්නට එක ඇමතුමක් හෝ දෙන්නට කිසිවකු කටයුතු නොකළ බව ඔහු සඳහන් කළේ කනගාටුවෙනි.

 



අදහස් (0)

ගනුදෙනුකරුවන්ගේ වදෙන් බේරෙන්න මුදලාලි ‘නිරෝධායන’ පුවරුවක් ගහගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site