IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා

පෝයදා නිවාඩුව ගත කිරීමට ගෙදරට වී සිටින විට බිරිඳ පවරන දහසක් වැඩවලින් හා ඇයගේ කන්කරච්චලෙන් බේරෙන්න පන්සලට ගොස් සිල් සමාදන් වන පුද්ගලයකු පිළිබඳ පුවතක් තලාතුඔය ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෞද්ගලික ආයතනයක මුරකරුවකු වන ඔහු දිවා රාත්‍රි වැඩ මුර දෙකම කරන්නේ තමන්ට කීයක් හෝ වැඩියෙන් හම්බකර ගැනීමට හා බිරිඳටත් දරුවන්ටත් සැපවත් ජීවිතයක් ගත කිරීමේ අරමුණින්ය. දෙදරු පියකු වන ඔහු මත්පැන් දුම්පානයෙන් තොර අහිංසක ගැමියෙකි. ඔහුගේ තවත් බලාපොරොත්තුවක් වන්නේ තම දරුවන් දෙදෙනාට හොඳට උගන්වා හොඳ රැකියා සඳහා යොමු කිරීමටය. මාසයක් වෙහෙස වී වැඩ කරන ඔහුට හරියට නිවාඩුවක් ලැබෙන්නේ පසළොස්වක පෝයදා පමණි. එදින නිවාඩුවෙන් ගත කිරීමට බලාපොරොත්තු වුවද තරමක් සැරවැර ඇති බිරිඳ දවස පුරා ඔහුට පවරන දහසකුත් රාජකාරි කිරීමට හා ඩිංග වැරදුනාම ඇයගෙන් බැනුම් අසන්නටද ඔහුට සිදුවිය. මේ වදෙන් ගැලවීමට උපායක් කල්පනා කරමින් සිටින විට ඔහුට අපූරු අදහසක් පහල වී ඇත. ඒ අනුව සෑම පෝයකටම ගමේ පන්සලට ගොස් සිල් සමාදන් වීමට පටන් ගත්තේය. දිනක් පන්සලට පැමිණි ඔහුගේ පැරණි මිතුරකු තම මිතුරා සිල් සමාදන් වී සිටිනු දැක ඔහු ළඟට ගොස් උපාසක මහත්තය හොඳ තීරණයක් අරන් තියෙනවා. අපි හැමදාම රස්සාව කරල හරියන් නෑ පින් අතේ වැඩත් කරන්න එපායැයි පවසා ඇත. එවිට උපාසක මිතුරා තම මිතුරාට මෙසේ කියා ඇත. මම පෝයට විතරයි නිවාඩුවේ ගෙදර ඉන්නේ. එදාටත් දවසම ගෑනිගේ කංකරච්චලේ. අර වැඬේ කරපන් මේ වැඩ කරපන් කියලා. ඒකෙන් බේරෙන්නත් එක්කයි මා සිල් ගත්තේ. පන්සලේ කිසිම කරදරයක් නෑ වෙලාවට දානේ ටික ගිලන්පස ටික ලැබෙනවා කිසිම කරදරයක් නෑ. ගෙදර හිටියොත් වෙන්නේ පව් පිරෙන එකනෙ. (ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)



අදහස් (0)

ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා ගෑනිගෙ කරච්චලෙන් බේරෙන්න සැමියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site