IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


ගානක් කපාගන්න අපූරු යෝජනාවක්

(මාතලේ අධිකරණ වාර්තාකරු - සසිරි රණහංස)
කන්ද උඩරට ප්‍රදේශයේ රජයේ කාර්යාලයක පරිපාලනය භාරව සිටින මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකි. රජයෙන් ලැබිය යුතු කිසියම් මුදලක් වෙතොත් සතයකු ද නෑර ලබා ගැනීමට මොහු අති දක්ෂයෙකි.


මෙම කාර්යාල සංකීර්ණය පිහිටියේ දෙමහල් ගොඩනැගිල්ලකය. එහි ඉහළ මාලේ ජනේල් පඩියක නුග පැළයක් රෝපණය වී තිබෙනු මෙහි රාජකාරියේ නියුතු සේවකයන් කීප දෙනකු දැක වහාම ඒ බව කලින් කී පරිපාලනය භාර නිලධාරියාට දැනුම්දී ඇත්තේ එම පැළය හැදී වැඩී විශාල වුවහොත් ගොඩනැගිල්ලට සිදුවන අවදානම ගැන ඔහුට දැනුම්වත් කිරීම සඳහාය.


අදාළ ස්ථානය නිරීක්ෂණය කළ පරිපාලනය භාර නිලධාරියාගෙන් සේවකයන් හට ලැබුණේ අපූරු පිළිතුරකි.


“ඔය නුග පැලේ තව කාලයක් හැදෙන්නට ඉඩහරින්න. කපන්න හදිසි වෙන්න එපා. පැළය ලොකු වුණාම ගොඩනැගිල්ලට හානිදායක වන අන්දමට වැවී තිබූ ගසක් පුද්ගලයකු යොදවා කපා දැමූ බව සඳහන් කර ඒ සඳහා රජයෙන් මුදලක් ලබා ගැනීමට පුළුවන්”. සේවකයන්ට නිරුත්තර වීම හැරෙන්නට වෙනත් ගත යුතු ක්‍රියාමාර්ගයක් නොමැති බව වැටහිණි



අදහස් (0)

ගානක් කපාගන්න අපූරු යෝජනාවක්

අසෝකා Thursday, 30 June 2016 09:23 AM

නොමැරෙන්නට බලා ඉන්නා මේ අයට, මේවත් ලොකු වැඩද අයියෝ අහන කොට.... මොනවා ලියන්නද නොදැනේ මගේ සිතට... කවදා නම් හැදේවිද අපේ රට යසට? (ර)

:       0       0

ආනන්ද Saturday, 02 July 2016 11:11 PM

ඉගෙනගත්තත් වැඩකට නැති අය මෙරටේ නූපදීවා! (නි)

:       0       0

නිමල් ලලිත Friday, 01 July 2016 01:47 AM

මෙම කාර්යාලය හිමි දෙපාර්තමේන්තුවේ, මොහුට ඉහළින් සිටින ප්‍රධානියාත් මෙවන් තක්කඩියෙක් නොවේවා! මෙම නුග පැළය ගළවා දැමීටට හැකි පිටකොන්දක් ඇති සේවකයෙකු මෙහි නොවේ නම් මෙහි පැමිණෙන මහජනතාවට හෝ මෙම පැළය ගළවා දැමීමේ හැකියාව ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site