කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
සිය නිවසේම මිතුරන් හා මත්පැන් පානය කර සූර් වී ත්‍රිරෝද රථයක් හයර් එකට ගෙන සිය නිවස සෙවූ පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා නගරයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය,
ඔහු සිය මිතුරන් සමග සතියකට කිහිප වතාවක් මත්පැන් සාද පැවැත්වීමට පුරුද්දක් කරගෙන සිටියෙකි. මෙම මිතුරන් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ නිවෙස්වල මත්පැන් සාද පවත්වන අතර මෙදින මෙම මිතුරාගේ නිවසේ සාදය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එදින ඔහුගේ බිරිඳ සිය මහ ගෙදර ගොස් පැමිණෙන්නේ සවස් යාමයේ බැවිනි.
ඔවුන් එදින සිය මත්පැන් සාදය ආරම්භ කර පදමට මත්පැන් පානය කර විනෝද වී ඔහුගේ නිවසින් පිටව ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ පැමිණීමට නියමිත වෙලාව පැමිණි පසුවය.
කෙසේ වෙතත් ඔහු මිතුරන් ඇරලීම සඳහා නිවසේ සිට ප්‍රධාන මාර්ගය දක්වා ගොස් ඇති අතර මිතුරන් පිටව ගිය පසු සූර්පිට සිය නිවස වෙත යාමට ත්‍රිරෝද රථයකට ගොඩව ඇත්තේ සිය නිවස ආසන්නයේ සිටම කල්පනාව ගිලිහී ගොස් සිටි බැවිනි. ත්‍රිරෝද රථයට ගොඩවූ ඔහු “ඔහොම යමු මල්ලී” යයි පවසා ඇත්තේ ඔහු එදින මත්පැන් පානය කළේ මිතුරකුගේ නිවසේ බව සිතමිනි.
නිවසට ගිය මිතුරකු ඔහු අමතා ඇත්තේ අධික බීමතින් සිටි බැවින් ඔහු බීමතින් පෙර සිදු කළ පිස්සු මතක්ව තත්වය පිරික්සීම සදහාය. “අවුලක් නැහැ මචං මම මේ ත්‍රීවීල් එකකින් ගෙදර යන ගමන්” යැයි පවසද්දී අන්දුන් කුන්දුන් වු මිතුරා “මචං අද අපි පාටිය දැම්මේ උඹලාගේ ගෙදරනේ” යැයි පවසද්දි වෙරි පිට තමන්ට එයත් අමතක වී ඇති බව පසක් වූ ඔහු යළිත් ත්‍රිරෝද රථය හරවා ගෙන ආපසු නිවසට ගොස් ඇත්තේ අධික දුරක් ගිය බැවින් ත්‍රිරෝද රථයට හොඳ මුදලක් ගෙවා දමමිනි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ගෙදර සූර් වී ත්රීවීලරයකින් ගිහින් ගේ හොයලා