(ඇල්ල – ප්‍රසාද් රුක්මල්)
කොරෝනා නිසා නිරෝධානය වෙමින් සිටි නිවෙසක දියණියක හදිසියේ මල්වර වී වැඩිවියට පත්වීමෙන් පසුව දියණියගේ කේන්දරය බලා ගැනීමට මව නිවෙසින් හොර රහසේ පලායාමේ පුවතක් බදුල්ලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
පසුගිය දිනක කොරෝනා ආසාදිතයන් කිහිප දෙනකු බදුල්ලට නුදුරු ගම්මානයකින් හමුවීමත් සමඟ එම ගම්මානයේ පවුල් කීපයක් සිය නිවෙස් තුළ නිරෝධානයට ලක්කර තිබේ.
එසේ නිරෝධානයේ සිටින අතරතුරේ නිවෙසක දැරියක හදිසියේ වැඩිවියට පත්වී ඇත. නිරෝධානයේ සිටින නිසා කිසිත් කර කියා ගත නොහැකිව මව්පියෝ කල්පනා කරන්නට වූහ.
මේ අතරතුරේ දියණියගේ මව අලුයම හොර රහසේ දියණියගේ කේන්දරය බලා ඇය නෑවීමට වේලාවක් සාදා ගැනීමට නිවසින් හොර රහසේ පලා ගියාය.
ඇය නගරයට ගොස් දියණියගේ කේන්දරය බලා මල්වර දියණිය නෑවීමට වේලාවක් සාදා ගත්තාය.
එයත් රැගෙන යළි නිවෙසට එන අතරතුරේ ඇය සෞඛ්‍ය නිලධාරීන්ට හසුවූවාය. ඒ සමගම සියලු විස්තර පැවැසූ ඇයට සෞඛ්‍ය බලධාරීහු දෝෂාරෝපණය කළහ.
දියණිය නෑවීමට නොව මවත් නැවීමට වේලාවක් සාදාගෙන එන්නම් යැයි පැවැසූ සෞඛ්‍ය බලධාරීන් මවට තරයේ අවවාද කර යළි නිරෝධායනයට ලක්කරනු ලැබුවාය.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙදර නිරෝධායනය වෙද්දී මව හොරෙන්ම දුවගෙ කේන්දරය බලන්න ගිහින්
kumarage Thursday, 20 May 2021 04:23 AM
දුවකගේ ජීවිතයේ මේ වගේ දවසක් කියන්නේ දෙමව්පියන්ට කොච්චර වටිනා දවසක්ද? ඒ අම්මා ගිය ගමනේ මම නම් වරදක් දකින්නේ නැහැ. පවු... ඒ පවුල..