IMG-LOGO

ගෙදර දමා ආ ඥාතියා කතරගම සිටිනු දැක ඥාතීන් හොල්මන් වෙලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රිංයකර ජාතුංගම) 
අතේ සතේ නැතුව වුවත් තම පිරිසට කලින් කතරගම ගිය පුද්ගලයකු පිළිබඳව නගර බද ප්‍රදේශයකින් වාර්තා වේ. 


සිද්ධිය මෙසේය. 


ඔහු අධික ලෙස බීමට හුරු වූ පුද්ගලයෙකි. ඒ නිසා ඔහුගේ පවුලේ උදවිය ද ඔහු නොසලකා හැර ඇත. එහෙත් ඔහු හිතුණොත් හිතුණු දේ කරන පුද්ගලයෙකි. පසුගිය දිනක ඔහුගේ මව්පියන් සහ නැදෑ හිතවතුන් වෑන් රථයක් රැගෙන කතරගම යාමට සූදානම් වී ඇත.

මොහුගේ බීමත්කම නිසා ගෙදර උදවිය ඔහු ඒ ගමනට එක් නොකර ගැනීමට තීරණය කර ඇත. 


යොදා ගත් දිනයේ ඔවුන් කතරගම ගමන පිටත්ව ගොස් ඇත්තේ ඔහු නිවසේ තනි කර දමාය. 


කෙසේ හෝ කතරගම යාමට සිතා ගත් ඔහු හෙල්මට් එකක් පමණක් රැගෙන පාරට පැමිණ ඇත්තේ අතේ රුපියලක් හෝ නොමැතිවය.

ඒ ප්‍රදේශයේ සිට කතරගමට විශාල දුරක් තිබී ඇති අතර ඔහු කතරගමට ළඟා විය හැකි අතුරු මාර්ග පිළිබඳව හොඳින් දැනගෙන තිබේ. 
හෙල්මට් එකක් රැගෙන පාරට පැමිණි ඔහු මාර්ගයේ එන යතුරුපැදි නවතා “මල්ලි කොහාටද යන්නේ... අයියේ කොහාටද යන්නේ...” යැයි අසමින් මගින් මගට ගොස් ඇත. 


හෙල්මට් එක්ක ඔහු අත තිබී ඇති හෙයින් ඔහු මඟට හෝ රැගෙන යාමට බයිසිකල්කරුවන් මැලි වී නොමැත. කෙසේ හෝ මගින් මඟට යමින් තම ඥාතීන් යාමට පෙර ඔහු කතරගමට ගොස් තිබේ. හෙල්මට් එකක් ඇතැතිව ඔහු කතරගම සිටිනු දුටු ඔහුගේ ඥාතීන්ට දෙවියන් සිහි වුණාලු. 

 



අදහස් (0)

ගෙදර දමා ආ ඥාතියා කතරගම සිටිනු දැක ඥාතීන් හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site