රාත්‍රියේ හොරෙන් මහ මග දමා ගිය කුණු මල්ල උදේ පාන්දරම පොලිසියෙන් නිවෙසට ගෙනත් දීමේ පුවතක් තලාතුඔය මාරස්සන ප්‍රදේශයෙන් වාර්තා වේ.

තලාතුඔය පොලිසියේ උසස් නිලධාරියකු රාජකාරි කටයුත්තකට පාන්දරම මාරස්සන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මහ මග අයිනේ දමා තිබූ කුණු මල්ලක් දැක යතුරුපැදිය නවතා කුණු මල්ල අවුස්සා බලා ඇත.
ඇවිස්සූ කුණු මල්ලේ තිබූ ලිපිනය සහිත බිල්පතක් හමුවී ඇති අතර එම කුණු මල්ලේ අයිතිකරු බිල්පතින් හඳුනාගත හැකි වී ඇත.
පසුව කුණු මල්ල අතට ගත් පොලිස් නිලධාරියා ලිපිනයේ සඳහන් නිවෙස සොයා ගොස් දොරට තට්ටු කොට ඇත. නිවෙස් හිමියා දොර ඇරි පසු ‘සුභ උදෑසනක් මහත්මයා, මම පාරේ එද්දී ඔබතුමා ගෙනියපු කුණු මල්ල වැටිලා තිබිලා හමු වුණා, මෙන්න ඒක’ කියා බාරදී ඇත.
කරකියාගත දෙයක් නොවූ වැදගත් මහතාට ඉහින් කනින් දාඩිය දමා ඇති අතර කටින් වචනයක් පිට නොවන තරමට ගොළු වී ඇත.
පොලිස් නිලධාරියා ද මොකුත් නොකියා පිටවී ඇති අතර නීතියෙන් දඬුවම් දීමට වඩා මෙවැනි දඬුවම් දීමෙන් පරිසරය විනාශ කරන්නන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි බව පොලිස් නිලධාරියා පැවැසුවේය.
(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෙදර කුණු පාරේ දමා යන අයට පොලිසියෙන් පාඩමක්
Perakum Tuesday, 23 October 2018 02:35 AM
ආදර්ශමත් පොලිස් නිලධාරියෙක්. කලාතුරකින් පොලිසියට ලැබෙන මල් පොකුරක්...!