IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගෙදර කොඩිවිනය කපන්න අපූරු බේතක්

හසලක සුනිල් ඒකනායක


කිසියම් අමනුෂ්‍ය දෝෂයකින් තරුණ අඹුසැමි යුවළක් පදිංචි නිවසකට බල පා තිබු කොඩිවිනයක් යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වලින් සුව නොවුණත් වැඩිහිටියකුගේ එක් උපදෙසකින් වැළදි තිබූ එම කොඩිවිනය නිමාවට පත්වු පුවතක් හසලකට නුදුරු ප‍්‍රදේශයකින් වාර්තාවෙයි.
තරුණ අඹුසැමි යුවළගේ වැඩිමල් ගැහැනු දරුවා මෙවර විභාගයකට පෙනී සිටීමට නියමිතය. බාල පිරිමි දරුවා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකට ඇතුළත් කර ඇත. පවුලේ ගෘහ මුලිකයා ඈත එපිට ප‍්‍රදේශයක පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන අතර ගෘහණිය නිවසේ කටයුතුවල නිරත වනවාට අමතරව දියණියගේ අධ්‍යාපන කටයුතුවලට වැඩිකාලයක් යොදවනු ලබයි.
ඇයගේ එකම අපේක්ෂාව තම දියණිය විභාගය උසස් අන්දමින් සමත් කිරිම හා එහි ප‍්‍රතිඵලයත් සමඟම ඇය මහනුවර නගරයේ උසස් පාසලකට ඇතුළත් කර ඇයගේ අනාගතය දීප්තිමත් කිරීමටය. දරුවාගේද ඇත්තේ දැඩි උත්සාහයකි. උනන්දුවකි. පාසලේ අනෙක් දරුවන් අතර කැපී පෙනෙන දරුවකු බවටද ගුරුවරුන්ගේ සිත් දිනා ගැනීමටද ඇය සමත්ව ඇත.
පියා දරුවාගේ මේ අධ්‍යාපන කටයුතු පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර ගෘහණිය නිවසේ ඉහුම් පිහුම් හෝ වෙනත් කටයුත්තක් කරන අවස්ථාවේදි දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය උපදෙසක් හෝ පාඩමක් කියාදීමට කීවත් ඔහු එයට ඇහුම්කන් නොදී තමන්ගේ කටයුතු කරමින් සිටින නිසා  එම අඹුසැමියන් දෙදෙනා අතර ඇතිවන්නේ වාග් ප‍්‍රහාරයකි.
මෙම නොහොඳ නොක්කාඩුව වසරකට අධික කාලයක් සිට පැවත එන අතර එම යුවළ මෙන්ම ඔවුන්ගේ පවුල්වල වැඩිහිටියන්ද පවසන්නේ මේ දෙන්නා දෙමහල්ලන් අතර මෙවැනි ගැටුම් ඇත්වෙන්නේ නිවසට හෝ පවුලට බලපා ඇති අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් බවයි. ඒ උපදෙස් අනුව ඔවුන් පවුල් ආරවුල විසඳා ගැනීමට ප‍්‍රදේශයේ පිහිටි දේවාල කිපයකට ගියත් මුදල් වැය වුණා මිස ආරවුල් නිමාවක් නොවුණි.


මොවුන්ගේ මෙම ක්‍රියාවන් නිරික්ෂණයක යෙදී සිටි ප‍්‍රදේශයේ දැන උගත් වැඩිහිටියකු දරුවාගේ මවට යම් උපදෙසක් දී එය ක්‍රියාත්මක කරන ලෙසත් දින කිපයකින් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් පවසා ඇත. වැඩිහිටියා දුන් උපදෙස් වූයේ දරුවා අදාළ විභාගයෙන් සමත් වුවත් ඇය නගරයේ උසස් පාසලකට ඇතුළත් නොකරන බවට පියා ඉදිරියේ පවසා පියා නිවසේ සිටින අවස්ථාවල දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට මැදිහත් නොවී ඇයට ඇවැසි ලෙස ඉගෙනීමේ කටයුතු කිරිමට ඉඩහැර බලා සිටිමටත්ය. ඇය එම උපදෙස් ක්‍රියාත්මක කිරීමත් සමගම ඔහු පැවසුවා සේම ගෙවී ගියේ සතියකි. නිවසේ තිබූ අමනුෂ්‍ය දෝෂය පහව ගොස් සාමයේ සමගියේ අරුණළු උදාවී ඉතා සතුටින් කල් ගෙවන පවුලක් බවට පත්විය. ආරවුලට ප‍්‍රධාන හේතුව වී තිබුණේ දරුවා නගරයක උසස් පාසලකට ඇතුළත් කළහොත් ඇයගේ අධ්‍යාපනයට වැයවෙන මුදල කෙසේනම් සොයන්නේදැයි යන්න පියාට ගැටලුවක් වී ඇති නිසාවෙන් බවද පසුව අනාවරණය වී ඇත.

 



අදහස් (0)

ගෙදර කොඩිවිනය කපන්න අපූරු බේතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 293 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 779 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site