IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෙදර ආ ‘නානා’ට අලයි හාල්මැස්සොයි පැටලිලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)


ගෙට පැමිණි ආගන්තුකයා දියණිය ගැන පැවසූ වදනින් නිවැසියන් බඩ අල්ලාගෙන සිනාසුණ පුවතක් කුරුණෑගල බරන්දන අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.
පවුලේ අය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
මෙම ප්‍රදේශයේ සිංහලයන් වෙසෙන නිවෙසකට පිටස්තර ප්‍රදේශයක සිට මුස්ලිම් ජාතිකයෙක් නිතර ආව ගියේය.
එම නිවැසියෝ මෙම තැනැත්තා “නානා” යන නාමයෙන් ඇමතූහ. ඔහු කුරුණෑගල නගරයට වෙළෙද ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණියහොත් මෙහි පැමිණීමටත්, ඇතැම් විට එහි නවාතැන් ගෙන යාමටත් අමතක නොකළේය. ඒ තරමට ම සමීප සම්බන්ධතා පැවැත්වූ මොහු රටේ පැවැති තත්ත්වය හමුවේ පසුගිය කාලය පුරාවට ව්‍යාපාර කටයුතු සඳහා නොපැමිණියේ ය. රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බැවින් ඉකුත් දා ඔහු අහම්බෙන් එම නිවෙසට පැමිණියේය.
“නානාට” නිවෙසේ අඩුපාඩුවක් පෙණුනි. එකවරම ඒ ගැන අසන්නේ නැතිව ඔහු තේ පානය කිරීමෙන් අනතුරුව නිවෙසේ ගෘහමූලිකයාගේ අඹුව හා කතාවට වැටුණේය. ඒ අතරවාරයේ ඔහු කොයි නෝනා දුව පේන්න නැද්ද විමසීය.
ඒ දෙස මොහොතක් බලා සිටි ඇය කටහඬ විවර කළාය. අනේ අපිටත් හොඳ කාලයක් ආවේ නෑ. තිබුණු අඩුපාඩු හමුවේ මඟුල් ගෙයක් ගත්තෙත් නෑ. දුව හදිසියේම “අලවලට” දුන්නා.
ගෙට එනවිටම නානාට දුව නැති අඩුව පෙනුණා වාගෙම අපිටත්  දුව නැති පාළුව හැමදාම දැනෙනවා. ”උතුරා යන දරු සෙනෙහසේ නාමයෙන් ඇය කතාව කරනා අතරවාරයේ ඇයගේ නෙතින් කඳුළැලිද වැටුණි.
ඇය කතාව නවතා කඳුළැලි පිසිනා අතරවාරයේ “නානා” කතාව පටන් ගත්තේය. “චික් නෝනා දැන් අඬලා වැඩක් නෑනේ. අඩුපාඩුයි කියලා  දුව අලවලට දුන්නේ මොකටද ? චික් චික් කරපු වැඩේ නම් හරිම කැතයි. මට  කිව්වා නම් හාල් මැස්සන් ගෝනියක් හරි දීලා ඒකී මං අරන් යනවානේ. අපරාදේ හොඳ කෙල්ල” යනුවෙන් “නානා” ද වේදනාවෙන් යුතුව කියාගෙන කියාගෙන ගියේය.
එය ඇසුණු නිවෙසේ සිටි අනෙක් පිරිස එතැනට පැමිණියේ බඩ අල්ලාගෙන සිනාසෙමින්ය. අලවල යනු කෑමක් නොව ගමක් බව වටහා ගත් ආගන්තුක “නානා” ද තමන්ට වැරදුණු බවක් නොපෙන්නා දුරකතන සංවාදයක යෙදෙන මුවාවෙන්ම කිසිත් නොකියාම එතැනින්  නික්ම ගොස් ඇත්තේ වෙනදා ගිහින් එන්නම් කියා හිස නමා ආචාර කරනා සියලු සිරිත් විරිත් ද අමතක කරමින්ලු.



අදහස් (1)

ගෙදර ආ ‘නානා’ට අලයි හාල්මැස්සොයි පැටලිලා

වීරවිජේ Saturday, 05 February 2022 08:18 AM

දැක්කා නේද මොකටද බඩගෑවෙ කියලා...? දෙමාපියන් කවුරු කවුරුත් විශ්වාස කරන්න නරකයි..

:       5       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site