IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගණන් යන්න කලින් ඉන්ධන ගන්න ඇවිත් සේසතම නැතිවෙලා

තම යතුරුපැදියට ලාබෙට ඉන්ධන ගැනීමට ගොස් තමාගේ මුළු සේසතම නැති කර ගත් කුඩා ව්‍යාපාරිකයකු පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ප‍්‍රධාන නගරයකිනි. ඉන්ධන මිල ඉහළ යන බව යහළුවකුගෙන් දැන ගත් ඔහු කඩිනමින් තම යතුරුපැදිය ද ප්ලාස්ටික් බූලියක් ද රැගෙන ඉන්ධන පිරවුම්හලට ගියේ රාත‍්‍රියේය. ඒවන විටත් දිග පෝලිමක් එහි විය. තම වාරය ආ විට මුලින්ම යතුරුපැදියට පිරෙන තෙක් පෙට‍්‍රරල් ගැසීමට කී ඔහු සාක්කුවට අත දැම්මේ මුදල් පසුම්බිය ගැනීමටය. ඔහුට දෙවියන් සිහිවූයේ එය නොවූ හෙයිනි. ගෙදර තිබූ සේසතම එහි දමාගෙන ආවේ ඉන්ධන ගැනීමට බව කියමින් වට පිටාවේ සිටි අය සමග අරගලයක් කරන්නට සූදානම් වුවත්, ඉන්ධන හලේ සේවකයන් ඔහු එතැනින් ඉවත්කොට තම කාර්යය කරගෙන ගියේ ඔහු තම යතුරුපැදියට ගැසූ පෙට‍්‍රල් මුදල ද කෙසේ හෝ ගෙවන ලෙසට බල කරමිනි.



අදහස් (0)

ගණන් යන්න කලින් ඉන්ධන ගන්න ඇවිත් සේසතම නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site