IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගණන් ටීචර්ගේ කනෙන් රිංගන්න ගිහින් තරු පෙනිලා

හොරට අඹ කඩන්නට පැමිණි පිරිසකට ගණිත පාඩමක් කියා දුන් වයෝවෘද්ධ මාතාවක් පිළිබඳ පුවතක් මෙසේ වාර්තා විය.


සිද්ධිය මෙසේය


ඔවුන් පිටස්තර ගමකින් අඹ මිලදී ගන්නට පැමිණි පිරිසකි. ගමේ ඒ මේ අත ඇවිද්දේ ඵලදාව ඇති අඹ ගස් සොයමිනි. මෙසේ යන පිරිසට ගෙවත්තක වූ සරුවට ඵල දැරූ කර්තකොලොම්බන් අඹ ගස් කීපයක් දැක ගන්නට ලැබුණි. ඔවුන් ගෙවත්තට ගොඩ වූයේ ලොරිය පිරෙන්නටම මෙතනින් අඹ කඩාගත හැකි යැයි එකිනෙකාට කියා ගනිමිනි.


ගෙවත්තේ හිමිකාරිය වයෝවෘද්ධ මාතාවකි. අඹ ගෙඩියක් සඳහා රුපියල් දහයක් ලබා දිය හැකි බවට ගිවිස ගත් ඔවුන් වරුවක් පමණ වෙහෙස වී ගෙවත්තේ වූ අඹ ගෙඩි සියල්ල කඩා ගොඩ ගැසුවේ එදින කලින්ම සිය නිවෙස් බලා යා හැකියැයි එකිනෙකාට පවසමිනි.


ඔවුන් ගිවිස ගත් පරිදිම අඹවල වටිනාකම වයෝවෘද්ධ මාතාව වෙත ගෙවා දැම්මේ කිසිදු ලෝභකමක් නොපෙන්වමිනි. 


එහෙත් විශ්‍රාමික ගුරුවරියක් වූ ඇයට මේ කොලු_ ගැටවුන්ගේ ගණන් හැදිල්ල ඇල්ලුවේ නැත. පිරිස පැමිණි මොහොතේ සිටම තම කනෙන් රිංගන්නට උත්සාහ කරන බව ඇය ඉවෙන් මෙන් දැන සිටියාය. “පුතේ ගෙඩි කීය ද?” ඇය ඇසුවාය. “හාරදාස් හත්සිය තිහයි.” පිරිස උත්තර දුන්හ. “එතකොට පුතේ ඔය ගානේ අගට බිංදුවක් දැම්මම මට දෙන්න ඕනි ගාන එනව නේද?” ඇය ඇඟට පතට නොදැනී කීවාය.


තරුණයෙක් ගණක යන්ත්‍රය ඔබා බැලුවේය. “හරි නේන්නම්” ඔහු විශ්මය පළ කළේය.ඔවුන් නිවෙසට කැඳවූ ඇය පිරිසට තේ පැන් සංග්‍රහයක් පවත්වා පවසා ඇත්තේ තමුන් කලකට පෙර ගමේ පාසලේ සිටි ගණිත විද්‍යා ගුරුවරියක් බවයි.  

(වියලුව වාර්තාකරු) 



අදහස් (0)

ගණන් ටීචර්ගේ කනෙන් රිංගන්න ගිහින් තරු පෙනිලා

ජනහිත Wednesday, 18 January 2017 03:33 AM

"තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා-උගතමනා සිල්පයමයි මතු රැකෙනා". (නි)

:       0       0

සෑම් Tuesday, 17 January 2017 09:25 AM

මේ කියන කණ්ඩායමට ගස් නගිනවා හැර වෙනත් වෘත්තියයක් කරන්න දැනුමක් නැති බව මේකෙන් තේරෙනවා .(බ)

:       0       0

යසපාල Wednesday, 18 January 2017 11:44 AM

නුවණක්කාර කාන්තාවක් (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 19 January 2017 07:14 AM

ඉතින් ඒ මුළු මුදලම ලැබුනද ගණිත- විද්‍යා ගුරුවරියට? හොඳ පාඩමක් තමයි උගන්වලා තියෙන්නේ. (නි)

:       0       0

චමල් Monday, 23 January 2017 04:37 AM

අද කාලේ මිනිස්සු රටවනවා බොරු (නි)

:       0       0

සිරි Tuesday, 24 January 2017 03:26 AM

අනේ කාලේ 10 වරක් චක්කරේ , දැන් ඒකටත් ගණක යන්ත්‍ර ඕනෑද ?, ගණිත- විද්‍යා ගුරුවරියක් කියන්නේ 10වරක් චක්කර විශේෂඥයෙක්ද ? අපොයි රටකට ගිය කලක්!! (බ)

:       0       0

රත්න Tuesday, 17 January 2017 10:33 PM

සෑම් කියනවා වගේ ගස් යායුතු සමහර අය දැන් පාර්ලිමේන්තුවේත් ඉන්න බව පේනවා. (නි)

:       0       0

පිටිගල Wednesday, 18 January 2017 02:30 AM

දැන් ගස් නඟින්න සුදුසු අය පාර්ලිමේන්තුවට ගිහින් පාර්ලිමේන්තු යන්න සුදුසු අය ගස් නඟින තැනුත් තියෙනවා. රත්න හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site