IMG-LOGO

ගෝඩා බීලා වල් අලියා ඩෝප් වී යකා නටලා

මහවැලි ගං ඉවුරේ වන ලැහැබක රහසිගතව සඟවා තිබූ ගෝඩා බැරලයක් පානය කළ වල් අලියකු ඉන්පසුව ගෝඩා බැරලය ඇතුළු එහි තිබූ ආම්පන්න පාගා පොඩි කර දමා ගං ඉවුරේ යකා නැටූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


 හොර රහසේ කසිප්පු පෙරීමේ නිරත වූ කිසියම් පුද්ගලයෙකු පසුගිය දිනෙක මහවැලි ගං ඉවුරේ වන ලැහැබක ගෝඩා බැරලයක් පල්වීමට ඉඩ හැරියේ නියමිත පදම පැමිණි විට ප්‍රයෝජනයට ගන්නටය.


 ගෝඩා බැරලය සඟවා තැබුවද ඉන් පිටවන සුවඳ වසන් කිරීමට ඔහුට නොහැකි විය. එහෙත් එම ප්‍රදේශයට ඔහු හැර කිසිවෙකුත් නොපැමිණෙන නිසා ගෝඩා බැරලයට අතුරු ආන්තරාවක් සිදුවූයේද නැත. එහෙත් අභාග්‍යයකට මෙන් පසුගිය දිනෙක මහවැලි ගං ඉවුරේ ගැවසුණු වල් අලියෙකුට ගෝඩා බැරලයේ ඉව වැටුණේය.


 ඉව ඔස්සේ පැමිණි වල් අලියා බැරලයේ තිබූ අමුතු පානය උගුරට දෙකට හිස් කළේය.


ඉන් නොනැවතුණු අලියා ගෝඩා තිබූ බැරලය පමණක් නොව ඒ අවට තිබූ තවත් භාජන කීපයක් ද උපකරන සඟවා තිබූ වන ලැහැබද පාගා කුඩු පට්ටම් කර දැමුවේ කසිප්පු පෙරන්නාට රුපියල් දහ පහළොස් දහසක් පාඩු කරමිනි. 

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

ගෝඩා බීලා වල් අලියා ඩෝප් වී යකා නටලා

අබේරත්න Tuesday, 29 November 2016 07:15 AM

ගෝඩා නැතුවත් ඔය පිස්සු කෙලින්නේ වල් අලි.....(බ)

:       0       0

ගුණවර්ධන Saturday, 03 December 2016 11:45 AM

කසිප්පු ගහලා අපේ සිංහලයෝ පිස්සු නටනකොට මේවත් වැඩද? (නි)

:       0       0

නිරූ Wednesday, 30 November 2016 10:14 AM

දැන් ගෝඩා වලටත් බද්දක් ගහයි...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site