IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගෙට ආ දුඟද වහගන්න දේවාලෙට යන්න හදලා

දියර පොහොර අඩංගු භාජනයකින් වහනය වූ නිවස පුරා පැතිර පැවති දුර්ගන්ධය අමනුෂ්‍ය දෝෂයක් නිසා සිදුවූවක් බවට නිගමනය කර එම දෝෂය තුරන් කිරීමට දේවාලයක පිහිට පැතීමට යෑමට සූදානම් වූ පවුලක් පිළිබඳ පුවතක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
මහනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත මෙම නිවසේ ගෘහ මූලිකයා මෙදින සිය හිතවතකු සමඟ මිනිපේ ගොවි ජනපදයේ ගොවි සංවිධානයක සභාපතිවරයකු හමුවීමට ගියේ හිතවතාගේ පෞද්ගලික අවශ්‍යතාවකටය. 
එහි ගිය ඔවුන් සභාපතිවරයා සමඟ කතා බහෙන් අනතුරුව මිතුරා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ තමන් ගෙවත්තේ කුරහන් වගා කර ඇති නිසා එම වගාවට යෙදීම සඳහා ඉතිරිව ඇත්නම් දියර පොහොර භාජනයක් ලබා දෙන ලෙසයි. එම ඉල්ලීම අනුව  සභාපතිවරයා නිවසේ පිටුපසට ගොස් අත් දෙකට දියර පොහොර භාජන දෙකක් රැගෙනවිත් එකක් හිතවතාටත් අනෙක මොහුටත් ලබාදී ඇත.
දියර පොහොර භාජනය රැගෙන ඔහු නිවසට එනවිට රෑ බෝවි තිබිණි. පොහොර භාජනය රැගෙන ආවත් එම නිවැසියන් කිසිදු වගා කටයුත්තක් නොකරන හෙයින් එය නිවස තුළට නොගෙන ඉදිරි ප්‍රයෝජනය සඳහා නිවසේ පිටුපස දර මඩුවේ සඟවා තබා ඔහු ගෙට ගොඩ වූයේය.


පසු දින අලුයම ඔහු රැකියාව සඳහා පිටත්ව ගියේය. එදින නිවසේ මුළුතැන් ගෙයින් අමුතු දුර්ගන්ධයක් එන බව නිවැසි කාන්තාව ඇගේ පියාට සහ මවට පවසා ඇත. ඒ ගැන විපරම් කිරීමේදී ඔවුන්ටද එම දුර්ගන්ධය දැන ගැනීමට ලැබුණි. ගෙවත්තේ හෝ වහලයේ මියගිය කිසියම් සතෙකුගේ මල කුණකින් එන දුර්ගන්ධයක් විය හැකි බව ඇගේ පියා එම දුර්ගන්ධයට හේතුව පවසා තිබේ. එදින රාත්‍රියේත් පසුදිනත් මේ දුර්ගන්ධය පැවතීම නිසා නිවසේ වහලය උඩත් ගෙවත්තේත් පියා ඇතුළු පවුලේ අය සොයා බැලුවත් මියගිය සතෙකුගේ මළකුණක් දැක ගැනීමට නොහැකි විය.
දුර්ගන්ධය එන්නේ මුළුතැන් ගෙයට පමණක් හෙයින් අනුමාන කළේ මේ අමනුෂ්‍ය දෝෂයක් විය හැකි බැවින් මේ සඳහා අල්ලපු ගමේ දේවාලයට ගොස් විස්තර බලා ගෙන ඒමට තමන් පසුදා පෙරවරුවේ එහි යන බව ඇගේ පියා පවසා ඇත. මේ සම්බන්ධයෙන් ඇය තම සැමියා දැනුවත් කිරීමෙන් පසු ඔහු පැවසුවේ තමන්ද ඒ ගමන පියා සමඟ යෑම සඳහා අද හවස නිවසට පැමිණෙන බවයි.
ඒ අනුව ඔහු නිවසට පැමිණෙන විට රාත්‍රි දහය පමණ වී තිබුණි. ඔහුද මුළුතැන්ගෙට පැමිණ විපරම් කිරීමේදී දුර්ගන්ධය ඔහුටද දැනුණි. ඒ අනුව ඔහුද තීරණය කළේ මේ නම් අමනුෂ්‍ය දෝෂයක්ම බවත් එයට පිළියම් සොයා ගැනීමට දේවාලයකට යෑම සුදුසු බවයි.
පසු දින උදේ අවදි වූ ගෘහමූලිකයා ඉදල රැගෙන මිදුල අමදිමින් දර මඩුව අසලටද ගියේය. එම ස්ථානයෙන් දුර්ගන්ධයක් තිබෙන බව දැනී නිකමට මෙන් ඔහු පෙර දිනක රැගෙන විත් මඩුවේ සඟවා තැබූ දියර පොහොර භාජනය ගැන විපරම් කර බැලීය. කාරණය ඔහුට වැටහුණි. බඩ අල්ලාගෙන සිනා සෙමින් “මෙන්න අපේ ගෙට බැල්ම හෙළපු  භූතයා මම අල්ලා ගත්තා. දැන් ඉතින් දුර්ගන්ධයට දේවාලෙ යන්න ඕන නෑ,” යැයි කියමින් දියර පොහොර භාජනය රැගෙන නිවසේ මිදුලට පැමිණ නිවැසියන්ට කාරණය පහදා දුන් පසු ඔවුන්ටද සිනහව නතර කර ගැනීමට බොහෝ වේලාවක් ගත විය,

 

හසලක සුනිල් ඒකනායක



අදහස් (0)

ගෙට ආ දුඟද වහගන්න දේවාලෙට යන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site