IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ගේට්ටුවෙ අලාබෙ පියවාගන්න ගමේ පාලමත් කඩා දමලා

රක්වාන - ඩබ්.ඒ. සිරිසේන


අටුව කඩා පුටුව හැදුවා වාගේ යැයි කියැවෙන කතාවට හා සමාන සිද්ධියක් පෙරේදා 9 වැනිදා රක්වාන පොලීසියෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඔහු ත්‍රිරෝද රථ රියැදුරෙකි. රක්වාන නගරයේ කුලී රථ සේවාවේ යෙදෙන මැදි වියේ පුද්ගලයෙකි. පසුගිය දිනෙක ත්‍රිරෝද රථයේ තිරිංග අලුත්වැඩියා කිරීමට ගරාජයකට ගොස්, එය අලුත්වැඩියා කිරීමෙන් පසු, බිරිය සමග කන්දගම පිහිටි නිවෙසට යමින් සිටින අතරේ, එක්වරම ත්‍රිරෝද රථය ලිස්සා ගොස්, මාර්ගය අසල තිබූ නිවෙසක ගේට්ටුවක වැදී නතර විය.

ඒ මොහොතේ නිවැසියන් පැමිණ පරීක්ෂා කිරීමේදී දැක ඇත්තේ, ගේට්ටුවට තරමක හානියක් සිදු වී ඇති බවයි. 

හිතවත් අසල්වැසියකු වූ රියැදුරුට නිවැසියන් පවසා ඇත්තේ, ගේට්ටුව යළි සකසා දෙන ලෙසය. එයට එකඟ වී ඇති මෙම රියැදුරා එදින රාත්‍රියේම ගමට පිවිසීමට තිබූ එකම පාලමේ ඇන්දට සවිකර තිබූ පයිප්ප බට තුනක් කපාගෙන ගොස්, පසු දින ගේට්ටුව සකස් කිරීමට කාර්මිකයකු සමග සූදානම්ව සිටියේය.

අවුරුදු 75කටත් වඩා පැරැණි පාලමේ යකඩ බට කැපීම ගැන උරණ වූ ගම්වැසියන්ට බට හොරා ගැන ඉව වැටුණේ කිසිවකුත් නොසිතූ විදිහටය. පයිප්ප බට තුන සමග සැකකරු පොලීසියට බාර දෙන්නට ගම්මු පියවර ගත්හ.

අනතුරුව මේ සම්බන්ධයෙන් වූ විභාගය ඉකුත් 9 වැනිදා පොලීසියේදී පවත්වා ඇති අතර, ඒ සඳහා ගම්වැසියන් සමග ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු ද සහභාගි වී සිටියහ. එහිදී සැකකරු පවසා ඇත්තේ, අලාභහානි කළ ගේට්ටුව සහ පාලම් ඇන්දේ බට පෙර තිබූ පරිදිම සකසා දෙන බවයි.

ගම්වැසියන් සහ නිලධාරීන් ද එයට එකඟ වී, ගැටලුව සමථයකට පත් කරගත් බව රක්වාන පොලීසිය පැවැසීය.



අදහස් (0)

ගේට්ටුවෙ අලාබෙ පියවාගන්න ගමේ පාලමත් කඩා දමලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site