IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්

වියලු‍ව වාර්තාකරු


 සිය මිතුරාගේ දියණියගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ පුවතකි.
මිතුරන් දෙපළ සේවය කරන ආයතනයේ නිලධාරීන්ගෙන් දැනගත් අන්දමට කතාව මෙසේය.
 රාජ්‍ය සේවකයන් දෙපළකි. ගජ මිතුරන්ය. දෙදෙනාම මැදි වයස ඉක්මවූවන්ය. ඉඳහිට මත්පැන් ටිකක් තොල ගෑවේ ද එකිනෙකාගේ මූල්‍ය දායකත්වයෙනි.
 එක් මිතුරකුගේ වැඩිහිටි දියණියගේ මංගල උත්සවය වෙනුවෙන් අනික් මිතුරාට ද ආරාධනාවක් ලැබිණි. 
 තම දරුවන් සහ බිරිය ද සමග හොඳින් හැඳ පැළඳ ගත් මිතුරා මංගල උත්සවය පැවැති හෝටලය වෙත කල් තබාම පැමිණියේ මංගල සභාවේ පිරිස සමග මත්පැන් ටිකක් තොල ගාමින් විනෝද වීම සඳහා කල් තබාම කළ සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
මංගල උත්සවයේ කටයුතු නිමා වී නව යුවළට තෑගි බෝග ලබා දීම ද සිදු කෙරිණි.
දින කිහිපයකට පසුව පරීක්ෂා කරද්දී මංගල යුවළට ලද තෑගි බෝග අතරේ තිබුණේ අපූරු තෑග්ගකි.
රුපියල් දෙදහසක් ඇතුළත් ලිපි කවරයක් සමග රෝස පැහැති කොළ කැබැල්ලක අත් අකුරින් ලියා තිබුණේ අපූරු වැකි කිහිපයකි.
“දුවේ, මේක තාත්තාට දෙන්න.” 


“මචං, උඹ දන්නවනෙ අපි රජයේ සේවකයෝ කියලා. අපි ජීවත් වෙන හැටිත් උඹ දන්නවා. ඒත් උඹේ දුවගේ මංගල උත්සවයට ආවේ නැත්නම් ඒක ලොකු අඩුවක් කියලා මට හිතුණා. ඒ නිසා හුඟක් අමාරුකම් මැද්දෙ තමයි මම උත්සවයට ආවේ. උඹලා අපි වෙනුවෙන් වියදම් කරපු විදිහට මේ දෙන ගාන මදි කියලා මම හොඳටම දන්නවා. ඒත් මචං ගෑනිටයි දරුවො දෙන්නටයි මටයි ඇඳුම් අරගෙන හෝටලයට එන්න හයර් එකට ත්‍රීවීල් එකකුත් ගන්න මට රුපියල් 18,000ක් විතර ගියා.
 ඒ තත්වය මත මචං මට ලොකු තෑග්ගක් උඹේ දුවට දෙන්න බෑ. මෙතැන තියෙනවා පුංචි තෑග්ගක්. ඒක බාරගෙන මට සමාව දීපන්. සමාව නුදුන්නත් මේ විසි දහසම වියදම් කළේ උඹේ දුව වෙනුවෙන් කියලා ගෙදර උන්ට කියල දීපං. මේ උඹේ හිතවතා ...........”

 



අදහස් (0)

ගජ මිතුරාගෙන් අපූරු තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site