IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කළුවරේ ඇවිදින්නේ ඇයි කියා බිරිය හොරෙකුගෙන් අහලා

(තලාතුඔය ටී.එච්. සරත්)
තලාතුඔය නගරයට ආසන්න ගමක වයස්ගත යුවළක් වෙසෙන නිවසෙකි. විශ්‍රාම සුවයෙන් වෙසෙන මොවුනට ආර්ථික ප්‍රශ්න හෝ දුවා දරුවන්ගේ ප්‍රශ්න කිසිවක් නැත. ඉකුත් දිනෙක රාත්‍රියේ කා බී අවසානයේ ඔවුන් දෙදෙනා තම තමන්ගේ කාමරවල නින්දට ගොස් තිබේ. එදින රාත්‍රී කාලයේ නිවසට ඇතුළු වූ සොරෙකු එම නිවසේ ඇති වටිනා කියන දෑ සොයමින් නිවස තුළ සැරිසරා ඇත.


එම අවස්ථාවේ නිවස හිමි විශ්‍රාමික පුද්ගලයාගේ බිරියට නිවස තුළ යමෙකු ඇවිදිනවා ඇසී තම ස්වාමියා යයි සිතා “මේ කළුවරේ ඇවිදින්නේ මොකද? වැටිලා අතක් පයක් කඩාගන්නද? කියා අසා ඇතත් ඒ පිළිබඳව විමසා බලා නැත. එම අවස්ථාවේ ස්වාමිපුරුෂයාට එය ඇසී ඇතත් ඔහු තම බිරිඳ සිහිනෙන් දොඩවනවා යි සිතා “මම කාමරේ නිදි, ඇවිදින්නේ නැහැ.... හීනෙන් දොඩවන්නේ නැතිව නිදාගන්නවා” යනුවෙන් කේන්තියෙන් පවසා ඔහු ඇඳෙහි අනෙක් පසට හැරී පොරෝණයෙන් හිස සිට දෙපතුල දක්වා වසාගෙන තිබේ.


පසුදා උදෑසන අවදිව බලනවිට ඇඳුම් අල්මාරිය ඇද දමා තිබෙනවා දැක ඒ පිළිබඳව විමසිලිමත් වීමේදී ඇඳ මත තබා තිබූ මුදල් ද නැති බව දැක තිබේ. ඒ අනුව රාත්‍රියේ තමන් කතාකර ඇත්තේ සොරා සමග බව ද වටහා ගෙන තිබේ.


මෙම විශ්‍රාමික යුවළ මීට දින කීපයකට කලින් විදෙස් සංචාරයකින් පසු නිවසට පැමිණ ඇති අතර ඔවුන් සතු මුදල් හා වෙනත් බඩු භාණ්ඩ ඇතැයි සිතා සොරා පැමිණෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.



අදහස් (2)

කළුවරේ ඇවිදින්නේ ඇයි කියා බිරිය හොරෙකුගෙන් අහලා

Perakum Thursday, 07 June 2018 05:10 AM

දෙන්නම එක කාමරේ නිදාගන්නවානම් ඉවරයි නේ. එකේ ඇති වැරැද්ද මොකද්ද?

:       0       42

තුශා Thursday, 07 June 2018 09:56 AM

සමහර අය ,නින්දේදී ගොරවන සද්දෙට ,අනිත් පැත්තේ නිදාගෙන ඉන්න කෙනාට වෙන්නේ නොනිදා රැය පහන් කරන්නයි. මෙයත් එක හේතුවක් වෙන්න ඇති ,වෙන වෙනම නිදා ගන්න.මම මේක කීවේ පොදුවේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site