IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


කොළඹ ගිය සැණින් කපුටෙකුට අහුවෙලා

කලෙකින් කොළඹ පැමිණි ගමේ සමාජ සේවකයකුට සිදුවූඅකරතැබ්බයකි මේ.චන්ද්‍රසෝම මහතා ගමේ හිත හොඳ මනුස්සයෙකි.

ඔහු සියබිරිඳ සමග ගිය සතියේ කොළඹ ආවේ වැඩකිහිපයක්ම කර ගැනීමටය.ඔහු බිරිඳත් සමග මරදානෙන් බසයෙන්බැස්සේ ඇවැසි කරුණක් සඳහාය. දෙදෙනා බසයෙන් බැස මදක් ඉදිරියට යද්දීතරුණයකු ඔවුන් අසලට පැමිණියේය.

‘අංකල් කොහේද ගමනක් යනවද’ ‘ඔව් ළමයො ඇයි?අර ඔයාලාගෙ ගේ ළඟ ටොයොටා වෑන් එකතියන්නෙ. ඒකෙ කොළඹ ආවා. ටයර් එකක් ගියානෙ. ඔයාලැනෑයෙකුගෙ නේද ඒ වෑන් එක’‘ආ.... ඔය අතුල පුතාගෙ වෑන් එකද? ‘ඔව් ඔව් අතුල මල්ලිගෙ වෑන් එක තමයි.

අංකල් මේකෙ ටයර්එක හදාගන්න රුපියල් තුන්දහසක් දෙන්නකො. ඔයා ගෙදර ආගමන් අතුල මල්ලිත් එක්ක ඇවිල්ල සල්ලි ටික දෙන්නම්’‘තුන්දහක් නම් නෑ පුතා.

දෙදාස් පන්සීයක් තියෙනවාදෙන්නම්’ ආ ඒක එහෙනම් දෙන්න අංකල් වෑන් එක එහාපැත්තෙ. හදාගෙන එන්නම්.තරුණයා මුදල ගෙන පැන ගියේය. චන්ද්‍රසෝම මහතා අතුල පුතාට ඇමැතුමක්ගත්තේය.‘පුතා ඔයාගෙ වෑන් එක දෙමටගොඩදී කැඩිලා.

මමඒක හදා ගන්න ඩ‍්‍රයිවර්ට සල්ලි වගේකුත් දුන්න’ ‘නෑ අංකල් අද වෑන් එක කොළඹ ආවෙ නෑනෙ.ඔයා කාටහරි අහුවෙලා වගේ.‘ආවේ නෑ. මට ඌ කිව්වනෙ අතුල පුතාගෙ වෑන් එක කියලා’ චන්ද්‍රසෝම මහතා කොළඹ කපුටකුට අහුවෙලාය.‘මදෑ ඔයින් ගියා’ චන්ද්‍රසෝම මහතා සුසුමක් හෙළීය.



අදහස් (0)

කොළඹ ගිය සැණින් කපුටෙකුට අහුවෙලා

කුමාර Saturday, 28 November 2015 12:09 AM

අයියෝ අපරාදේ සල්ලි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 28 November 2015 11:47 AM

සල්ලි දෙන්න කලින්නේ කෝල් කරලා දැනගන්න තිබුනේ. අපරාදේ සල්ලි (නි)

:       0       0

ජනක Saturday, 28 November 2015 12:50 AM

ඔහොම හොර කරලා, බොරු කරලා, හොරකම් කරලා ගන්න සල්ලි කවදාවත් හරියන්නේ නැහැ. ඔය හොරකම කළ කෙනාට කවදාහරි විඳවන්න වෙනවා, මේ ජීවිතේදීම (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 29 November 2015 10:54 AM

ලියොන් මහතාගේ කතාව සහතික ඇත්ත. (බ)

:       0       0

නුවන් Saturday, 28 November 2015 01:03 PM

අසරණ අන්කල්! (නි)

:       0       0

කරුණාපාල Sunday, 29 November 2015 11:33 AM

අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියල කෑගහන එක තමයි අපේ සමහරු කරන්නේ. අර ලියොන් කියල තියනවා වගේ මේ නම් ගමෙන් නගරයට ආ කපුටෙක්ම තමයි. ඔයවගේ සමහර ගමේ කපුටෝ ඔලුවට විතරක් නෙමේ, පුළුවන් නම්, මොළයටම කොටන්නයි බලන්නේ.. ගමේ හිත හොඳ මහත්තය, ඔයින් බේරුනා ඇති. (බ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 28 November 2015 02:31 PM

මටත් ඔහොම දෙයක් වුණා. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Saturday, 28 November 2015 04:40 PM

මට නම් හිතෙන්නේ ගමෙන් පියඹාගෙන ආ කපුටෙකුයි චන්ද්‍රසෝම මහතාට කොටා තිබෙන්නේ (නි)

:       0       0

කිත්සිරි Saturday, 28 November 2015 05:28 AM

ගම් වල අය ගිය ගිය තැන නා ගන්නවා. (නි)

:       0       0

සරත් Sunday, 29 November 2015 02:46 PM

මම මීට වසර නමයකට පෙර මගේ උපන් නගරයේදීම කාක්කෙකුට අහුවුණා (නි)

:       0       0

සුනිල් Saturday, 28 November 2015 06:06 AM

ජනක, ගත් එකා ඒ වෙලේම විඳවන්න ඇති (නි)

:       0       0

සෑම් Tuesday, 01 December 2015 10:50 AM

තමාගේ ත්‍රී වීල් එකේ මොකක් හරි කැඩී ඇති බව හෝ එය පෙට්‍රල් නැතුව මග නතර වී එති බවත් කියා රුපියල් හාර පන් සීයක් ඉල්ලා විශේෂයෙන් කාර් ලඟට පැමිණ සල්ලි ඉල්ලීම පුරුද්දක් වී ඇත. බලනකොට එය බොරුවකි. ප්‍රවේසම් වන්න. මෙය කොළඹදී මගේ අත්දැකීමකි . (ස)

:       0       0

දිනේෂ් Tuesday, 01 December 2015 12:12 PM

අනේ පවු.....! (නි)

:       0       0

ලතා Saturday, 28 November 2015 09:18 AM

මේ අන්කල්ට තිබුනේ සල්ලි දෙන්න කලින් කෝල් කරලා බලන්න. කොළඹ කාක්කෝ ගැන දන්නේ නැතුව ඇති මගේ හිතේ (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 December 2015 04:36 AM

අනුන්ට ගින්දර දීලා කඩා වඩා ගන්න සල්ලි කවදාවත් යාදෙන්නේ නැහැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1330 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1248 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site