IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කහට පැල්ලමෙන් කෙසෙල් හොරා අතටම මාට්ටු

කෙසෙල් කැනක් සොරකම් කළ අයකු සාක්කි සහිතව අල්ලා ගැනීමේ පුවතක් ගොම්බද්දල, කිල්ලදෙණියෙන් අසන්නට ලැබුණි. කතාව මෙසේය.
ඔහු හේන් ගොවිතැන සහ පලතුරු වගාව කරන ගොවියෙකි. කෙසෙල් වගාවට ලොකු ආදරයක් දැක්වූ ඔහු “ඇම්බුන්” වර්ගයේ කෙසෙල්  විශාල ලෙස වගා කිරීමට කටයුතු කළේය. නිතරම කොරටුවේ  ඉදුණු කෙසෙල් කැන්  දෙක තුනක්  තිබෙන අතර, වෙළෙන්දෙකු පැමිණි විට කෙසෙල් කැන් කපා අලෙවි කිරීම ඔහුගේ සුපුරුදු ක්‍රියාව විය.
එක් දිනක කෙසෙල් වෙළෙන්දා පැමිණි විට කොරටුවට ගිය ගොවියාට, කෙසෙල්  පඳුරු කීපයකම කැන් කිසිවකු විසින් සොරා කපා ඇති බව දැක ගන්නට හැකි විය. එදා කෙසෙල්  අලෙවිය නොමැති වීමෙන් රුපියල් දහස් ගණනක පාඩුවක් ලැබීම ගැන කනගාටුවට පත් ඔහු, සොරා සෙවීම පිණිස දැඩි වෙහෙසක් ගත්තාය. තමන් දන්නා හඳුනන කීප දෙනකුටම සිද්ධිය පවසා සොරා සොයා දෙන්නට උදව් කරන ලෙස  ඉල්ලීම් ද කළේය.


මිතුරකු විසින් දුන්  තොරතුරකට අනුව කිළිටි රෙදි පිරිසුදු කරන ගමේ ඇති ගෙදරට ගිය ඔහු කෙසෙල් කහට සහිත  පිරිමි අයකුගේ කමීසයක් සහ සරමක්   ගැන  විපරම් කෙළේය.
මේ සරම සහ කමීසය  කාගෙදැ ? යි  කිළිටි රෙදි පිරිසිදු කරන ගෙදර කාන්තාවකගෙන් විමසූ විට, ඇය  ගමේ පුද්ගලයෙකු ගේ නමක් සඳහන් කළාය.
ගොවියා  එම නිවසින් පිටව පොලිසියට ගොස්  කෙසෙල් කහට සහිත සරම සහ කමීසය අයිති අයට විරුද්ධව “කෙසෙල් කැන් සොරා කැපීම” ගැන පැමිණිල්ලක් කළේය. 
පොලිස් නිලධාරීන් එම අයගේ නිවසට ගොස්  විමර්ශනය කිරීමේදී නිවස පිටුපස කසළ ගොඩේ  කෙසෙල් ලෙලි විශාල ප්‍රමාණයක් දැක ගැනීමට  හැකි වීම නිසා, සොරා මොහු බවට සැකහැර දැනගත් පොලිස් නිලධාරීහු, අදාළ අය පොලිසියට කැටුව ගියහ.

මාවරල  ජී.එස්. මද්දුමගේ

 



අදහස් (0)

කහට පැල්ලමෙන් කෙසෙල් හොරා අතටම මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site