කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කඨින දානයට ඉදවමින් තිබූ කෙහෙල් කැන්වලට සුද්දයක් දීමට ගිය තරුණයකුට ලැබුණු අපූරු දඩුවමක් නිසා ඔහු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ගෙවත්තේ වැටී තිබූ කෙසෙල් කැන් දෙක තුන සිය විහාරස්ථානයේ කඨින දානමය පින්කමට දීමට ඔහුට තිබුණේ නොතිත් ආශාවකි. දැඩි කැමැත්තකි. කඨින දානය සදහා එම කෙසෙල් කැන් ටික ඔහු පරිස්සම් කළේ දරුවකු රැක බලා ගන්නාක් මෙනි. නිවස ආසන්නයේම තිබූ මේ කෙහෙල් කැන් හොරෙන් කැපීමට කවුරුවත්ම ඒවීයැයි ඔහු සිහිනෙකින්වත් නොසිතුවේය. එහෙත් එදා රෑ කෙසෙල් කැන් වැටී තිබූ පැත්තෙන් තරුණයකුගේ මර ලතෝනියක් ඇසුණේය. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහු විදුලි පන්දමක් දල්වා ගෙන ඒ පැත්තට දිව ගියේය.
කටින් සෙම බේරෙමින් සිහි මූර්ජාවී තරුණයකු එක පැත්තක බිමය. ඔහු ආසන්නයේම පිහියක් අනෙක් පැත්තේ බිමය. කරන්න ආ දේ තේරුම් ගියේය. අහල පහල කිහිපදෙනකුගේ ද සහයෝගයෙන් තරුණයා රෝහල් ගත කෙරුණේ තවදුරටත් එතන සිටියහොත් ඔහු මිය යනු නිසැක බව දැනීමෙනි.
රෝහලේදී ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන් කීවේ ඉතා විෂ සහිත සර්පයකු දෂ්ට කර ඇති බවත් ඔහුගේ ජීවිතය බේරාදීමට ලොකු උත්සාහයක් දැරීමට සිදුවන බවත්ය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෙසෙල් හොරාට අපූරු දඬුවමක්
Anjana Wednesday, 22 November 2023 11:15 PM
කඨිනයක් වෙනුවෙන් යමක් දෙනවා කියන්නේ මහත්ඵල මහානිසංස තියෙන පිංකමක්. ඒකට එරෙහි වන්නන්ට ස්වභාව ධර්මයෙන් දෙන දඬුවමක් තමයි මේ...!